ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම පෙට්රෝ රසායනික සමාගම වන සිනොපෙක් සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
තෙල් නිපදවන රටවලට, තවත් සමාගම්වලට තෙල් ආනයනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ විකිණීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවසර දීමේ යෝජනාවක් ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උග්‍ර විදේශ විනිමය හිඟයක් හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසිනි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමෙන් සියයට 90ක් රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා වන අතර ඉතිරි සියයට 10 ලංකා අයිඕසී විසින් සිදු කරනු ලබයි!
සිනොපෙක් තෙල් ගබඩාවක් හම්බන්තොට වරායේ දැනටමත් පවතී.