• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන කලට පව් මිහිරි මී සේ – විඳින කලට බඩු හම්බෙයි එක සේ! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කරන කලට පව් මිහිරි මී සේ – විඳින කලට බඩු හම්බෙයි එක සේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ශ්‍රී ලංකාවේ නීතියටත් පොදුවේ වැදගත් තීන්දුවක් අධිකරණය විසින් ගත්තේය. ඒ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ පුටුවක් හිමිව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලකයකු වූ මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අධිකරණය විසින් ලබාදුන් තීන්දුවයි. ඔහුට වසර විස්සක සිර දඬුවම් නියම කරන්නට අධිකරණය පියවර ගත්තේය. Sri Lanka Latest News

මෙයට පෙරද කීපවතාවක්ම මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව තිබුණේය. නමුත් ඒවායින් ඔහු නිදොස් කොට නිදහස් වූ බව අපට මතකය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම පිළිබඳ මෙහිදී ඔහු චෝදනාවට ලක්විය. මෙහිදී මහින්දානන්ද නිදොස්කොට නිදහස් විය. ප්‍රශ්නගත නිවස මිලදී ගැනීමේදී වාහන බලපත්‍රයක් විකුණා උපයාගත් රුපියල් මිලියන 27ක මුදල සහ බැංකු ණයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ඔහු උපයාගත් ආකාරය අධිකරණයට පැහැදිලි කළේය.

ඊළඟට 2021 වසරේ චීනයේ සමාගමකින් ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයට ගෙවීම් කිරීම සම්බන්ධව මහින්දානන්ද චෝදනාවට ලක්විය. ඔහු ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉදිරිපත් කරමින් සිට 2025 මැයි මස 19 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ නීතියට භාර වුණේය.

කෙසේ නමුත් අවසාන වශයෙන් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් දාහතර දාහක් සහ දාම් ලෑලි එකොළොස් දාහක් මිලදී ගෙන ක්‍රිඩා සමාජවලට බෙදාදීම තුළින් රජයට සිදුකරන ලද පාඩුවක් සම්බන්ධව ඔහුටත් එවක වෙළෙඳ ඇමැතිව සිටි නලින් ප්‍රනාන්දුටත් චෝදනා එල්ල විය. මේ හරහා රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකිරීම ඔවුන් සිදුකරන ලද වරදයි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණයට කියා තිබුණේ ඔවුන් සිය ධුරයේ බලතල අයුතු ලෙස භාවිත කර ඇති බවයි.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබුණු අතර, මෙම නියෝගය මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් විසින් ලබාදුන්නේය.

නලින්ලා මහින්දානන්දලා අහිංසක නැත. වරදේ දිග පළල මැන බලා ‘චූටි වරදකට’ පව් අප්පා කියන්නට කිසිවෙක් කලබල නොවිය යුතුය.
වරද ලොකු හෝ පොඩි වුවද වරද වරදමය. අනුරලා බලයට ආවේ හොරු අල්ලන බව කියාගෙනය. මේ කරන්නේ ඒකය. අල්ලනකොට කෙඳිරිගාන්න නම් එන්න එපා කියා ජනාධිපතිවරයා කෙළින්ම කීවේය. ඒ නිසා දැන් ආණ්ඩුවට අරක මේක කියන්නට කිසිවෙක්ට අයිතියක් නැත. කවුරු කළත් හොඳ හොඳය.
මීට කලින් උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. 2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්. රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක්කර තිබියදීත් නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබිණි.

මේ වන විට බරපතළ චෝදනා සහිතව රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්නා දේශපාලකයෝ කීප දෙනෙක්ම සිටිති. ඉන් එක්කෙනෙක් දුමින්ද දිසානායකය. දුමින්දගේ චෝදනාව රන් ආලේපිත තුවක්කුවයි. මේ තුවක්කුව සම්බන්ධ නඩුව තවමත් අසා අවසන් නැත. වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයකින් මේ රන් ආලේපිත තුවක්කුව හොයාගත්තේ පහුගිය 23 වැනිදාය.

මර්වින් සිල්වා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී සිදුකරන ලද ආදායම් ඉපයීම් සම්බන්ධව චෝදනාවට ලක්ව තිබේ. 2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලසීමාව මේ චෝදනා සමය බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. ඔහු මේ කාලය තුළ රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයාගත් බව අල්ලස් කොමිසම කියයි.

ඉඩකඩම්, යානවාහන මිලදී ගැනීමත් බැංකු ගිණුම් පවත්වාගෙන යාමත් අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කරයි.
කොළඹ 02, අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් 7,13,99,000ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, කඩවත ප්‍රදේශයෙන් රුපියල් 1,39,99,000ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, සිය පුත්‍රයා වන මාලක සිල්වා නමට රුපියල් 3,23,75,000ක මුදලක් වැයකර මර්සිඩීස් බෙන්ස් කාර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැයකර හයිහුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 89කට ආසන්න මුදලක් වැයකර ඩිෆෙන්ඩර් මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

හිටපු ඇමැති සරණ ද අසරණ වෙන්නට ඉඩකඩ තිබේ. ක්‍රිෂ් නඩුවත් තාම අවසන් නැත. චාමර සම්පත්ට ද නැවත නැවත චෝදනා එල්ල වෙයි. මේ නම් ගම්වලට අමතරව තව නම්ගම් තිබිය යුතු බව අපේ හැඟීමයි. යාළුකම් හිතවත්කම් අදාළ නැත. අල්ලනවා නම් ඇල්ලිය යුතුය. රිදෙන්නම ඇල්ලිය යුතුය. හොරු නම් හොරුය. මෙච්චර කල් ආණ්ඩු ආවේ කයිවාරු ගහගෙනය. ඒත් අන්තිමට උන්දැලා හොරු සමග හෙලුවෙන් හිටියා මිස අල්ලපු හොරෙක් නැත. දේශපාලන කෝන්තර මත හිරේ දැමීමත් හොරු ඇල්ලීමත් දෙකකි. මේ කරන එකට දේශපාලන කෝන්තරයක් බව කියන්නට අපිට හිතෙන්නේ නැත. ඉඳහිට එහෙම ඒවාත් නොවෙනවාම නොකියනා මුත්

බලලා මැටියෙන් වුව මීයෝ අල්ලනවා නම් මරු බව කියා නිමා කරමි. මේ ආණ්ඩුවට කලින් මේ නඩුව පැවරුවා නම් ඒ ආණ්ඩුවටත් ඊට සහාය දුන් සියලු රාජ්‍ය සේවකයන්ටත් අනේක වරක් ස්තුතියි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෙහෙළියගේ කාලේ පත්තු වෙච්ච බාල ඉමියුනොග්ලොබලින් බෙහෙත ආයෙත් උඩට ඇවිත්! අලුතෙන් ගෙනා බෙහෙත් තොගයක් බාලයි කියලා මුලින් කියපු NMRA එකම පස්සේ බෙහෙත හොදයි කියලා රිපෝට් එකක් දීලා! දැන් ඒ බෙහෙත රෝගීන්ට දෙන්න පටන් අරන්! කෙහෙළියට එරෙහිව සටන දියත් කරපු දොස්තර චමල් සංජීව ආපහු සටන පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි… දන්නවානේ කමාන්ඩෝස්ලා බැස්සොත් !’Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.