කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සදහා දින තුනක් ලබා දීමට ජනාධිපතිවරයා අද දිනයේ එකගතාව පළ කොට තිබේ.Sri Lanka Latest News
අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව දින 3ක් විවාද කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් හෙට දිනයේදී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අවසන් නතාවට පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය දින 3ක විවාදයක් ඉල්ලා සිටියද ආණ්ඩ පක්ෂය එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සදහා දින 2ක් පමණක් ලබා දිය හැකි බවකි.
ඒ අනුව දින 2ක විවාදයක් ඒ සදහා වෙන් වී තිබිණ.
කෙසේවෙතත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබීමට දින නියමවී තිබුණද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමැතිවරුන් 15 දෙනකු පමණ විදෙස්ගතව සිටින බවද දැනගන්නට තිබේ.