• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් කමිටුවට වැරදි කළ පුද්ගලයන්ව පත් කරලා තිබෙනවා! වැරදි පුද්ගලයන් මෙවැනි කමිටුවලට පත් කිරීමෙන් රටේ දුෂණය වංචාව නැති කරන්න බෑ! චෝදනා තිබෙන අය පත් නොකළ යුතුයි! මෙහෙම යන්න බෑ! වර්තමාන පාලකයන් සියලු දෙනාම පන්නා දැමිය යුතුයි! වර්තමාන පාලකයන් සමඟ රට වෙනස් කරන්න බෑ! ජනාධිපති කමිටු-පාර්ලිමේන්තු කමිටුවලින් දුෂණය වංචාව තුරන් කරන්න බෑ! කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් ඉරාන් ආණ්ඩුවේ ඉහළටම පහර දෙයි! VIDEO I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපති බලය අහෝසි කරන්න ගෙනාපු යෝජනාවේ තියෙන්නෙ මොනවද? ඒවා කරන්නේ කොහොමද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

අද (18) කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ කීය,

‘‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය මම කතානායකවරයාට අද භාර දුන්නා. කෝප් කමිටුව පිහිටුවලා දැනට අවුරුදු 45 ක් පමණ වෙනවා. 2010 සිට මම කෝප් සභාවේ සමාජිකයෙක් වෙලා සිටියා.

රජයේ ආයතන , රජයේ ව්‍යවසායන් වලට රජයේ මුදල් යොදවනවා. ඒ සම්බන්ධයෙන් සොයාබැලීම පිළිබඳව , එම මුදල් පරිහරනය කරන ආකාරය පිළිබඳව , එම ආයතන කළමනාකරණය සිදුවන ආකරය පිළිබඳව , නීතිගතව එම කටයුතු සිදුවෙනාවද කියලා තමයි කෝප් සභාවෙන් සිදුකරන්නේ. එම කටයුතු පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. කෝප් කමිටුවෙන් වාර්තා කිහිපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව තමයි කොප් කමිටුව සොයාගත්ත දේවල් නිවැරදි කිරිම පිළිබඳ වැඩපිළිවෙළක් කරගෙන යන්න පුලුවන් වෙන්නේ. නමුත් ඒ නිවැරදි කිරිම් සිදුවෙලා නෑ.

ස්ථාවර නියෝගවල සඳහන් වෙන්නේ කෝප් කමිටුවේ තිබෙන සෙවීම් පාර්ලිමේන්තුවට වාර්තාවකින් ඉදිරිපත් කරන්න ඕන කියලා. නමුත් එතනින් එහාට කිසිදු දෙයක් සිදුවෙලා නෑ. අපි ඒ ස්ථාවර නියෝගය වෙනස් කරන්න යෝජනාවක් ගෙනාවා. කෝප් කමිටුව යම් ආයතනයක් විමර්ශනය කරන ගෙන යන අවස්ථාවේ එම ආයතනයේ දුෂණ වංචා , කළමනාකාරීත්වයේ දුර්වලතා පිළිබඳ තොරතුරු අනාවරණය වුනොත් කෝප් කමිටුවට බලය තිබෙන්න ඕන ඒ සම්බන්ධයෙන් තිරණයක් ගෙන නිවැරදි ආයතනයට යොමු කළ යුතුයි. යම් ආයතනයක දුෂණයක් සිදුවෙලා තිිබෙනවානම් ඒ සම්බන්ධව සෘජුවම දුෂණ විමර්ශන කොමිසමට කරුණු ඉදිරිපත් කිරිමේ හැකියා කෝප් කමිටුවට තිබිය යුතුයි. ආයතනයට එරෙහිව නඩුවක් පැරීමට තිබෙනවානම් නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමේ හැකිව කෝප් කමිටුවට තිබෙන්න ඕන. නමුත් එහෙම බලයක් කෝප් කමිටුවට නෑ. සංශෝධන ඉදිරිපත් කළත් එම සංශෝධන වර්තමාන ආණ්ඩුව විසින් පිළිගෙන නෑ. කෝප් කමිටුව දූෂණ වංචා වසාගන්න තැනැක් බවට පත්වෙලා තිබෙනවා. කෝප් කමිටුව කතා සාප්පුවක් වෙලා තිබෙන්නේ ක්‍රියා සාප්පුවක් වෙලා නෑ. එය වෙනස් කළ යුතුයි.

කෝප් කමිටුවේ හිටපු සභාපති වැරදි ක්‍රියාවක් සිදුකර තිබෙන බවට මන්ත්‍රීවරු නිගමනයකට පැමිණීම නිසා කෝප් කමිටුවේ රැස්වීම් අත්හිටුවනු ලැබුවා. ඉන්පසුව කෝප් කමිටුවට නැවත එවැනි වරදි ක්‍රියාවන් සිදුකළ පුද්ගලයන්ව පත් කරලා තිබෙනවා.
කෝප් කමිටුවෙන් සොයා බලන්නේ දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව. නමුත් කෝප් කමිටුවට පත් කරන පුද්ගලයන්ට එල්ල වෙලා තිබෙන චෝදනා විමසලා තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. සුදුසු පුද්ගලයන් කෝප් කමිටුවට පත් නොකළහොත් විශාල ගැටලුවක් වනවා. වැරදි පුද්ගලයන් මෙවැනි කමිටුවලට පත් කිරිමෙන් රටේ දුෂණය වංචාව නැති කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

2015 – 2019 ආණ්ඩුව සමයේ කෝප් සභාවේ සභාපතිධුරය ලබාදුන්නේ විපක්ෂයට ලබාදුන්නා. රජයේ ආයතන , රජයේ ව්‍යවසායන් ක්‍රියාත්මක වන්නේ ඇමැතිවරයෙකු විසින් පත් කරන විධායක මණ්ඩලයක් හරහා. එවැනි අවස්ථාවක එම ආයතන විධායකයේ කොටසක් බවට පත්වෙනවා. කෝප් සභාවක් පත් කරලා තිබෙන්නේ විධායකය විසින් ගන්නා තිරණ හරිද වැරදිද කියලා සොයාබලන්න. නමුත් වර්තමාන අණ්ඩුවේ එවැනි දෙයක් පෙනෙන්නට නෑ. මෙවැනි කමිටු වලට වැරදි පුද්ගලයන් පත් කරන්න රජය තවදුරටත් තීරණ ගැනීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම නැති වී යාමයි. දූෂණ වංචා පිළිබඳව විමසන්න. ඒවා විමසීමෙදී ගැටලුවක් තිබෙනවා. දූෂණ වංචා පිළිබඳව විමසන්න විශ්වාසයක් තිබිය යුතුයි. නමුත් රජය විසින් කෝප් කමිටුවට පත් කර ඇති පුද්ගලයන් දෙස බැලුවාම එය පැහැදිලිව පේනවා. තිබෙන දූෂණ වංචා වහගෙන ඉදිරියට යන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. කෝප් , කෝපා වැනි කමිටුවලට පුද්ගලයන් තේරීමේදී චෝදනා නැති පුද්ගලයන් තෝරන්න ඕන. දූෂණ වංචා වහගන්න තමයි චෝදනා ඇති පුද්ගලයන් පත් කරන්නේ.

ශ්‍රි ලංකා ගුවන් සේවාව එයාර් බස් රථයක් ගන්න අවස්ථාවේ එහි නිලධාරීන්ට මුදල් ගෙව්වා. එයාර් බස් සමාගම මුදල් ගෙව්වේ ඩොලර් මිලියන ගණන්. එංගලන්තයේ දුෂණ වංචා පිළිබඳ විමසන ආයතනයක් මේ සම්බන්ධයෙන් අධිරණයේ නඩු පැවරුවා. එයාර් බස් සමාගම රටවල් 5 කට මෙවැනි දිමනා ලබාදීලා එයාබස් ඇණවුම එයාර් බස් සමාගමට ගත්තා කියලා එංගලන්න අධිකරණය නීන්දුවක් ලබාදිලා තිබුණා. එම රටවල් 5 ඇතුළත ලංකාවත් සිටින බව එංගලන්ත අධිකරණය නම් කළා. ලංකාවේ මුදල් ගත්ත පුද්ගලයන් සහ ලබාගත් මුදල් ප්‍රමාණය පිළිබඳවත් සඳහන් කළා. කෝප් කමිටුවෙන් අනන්තවත් ශ්‍රි ලංකා ගුවන් සමාගම පිළිබඳව කතා කරලා තිබෙනවා නමුත් අද වනතුරු ඒ පිළිබඳව ලංකාව කිසිදු පියවරක් අරගෙන නෑ. එයාර් බස් ගැනීමෙන් අවාසි වුනේ එංගලන්තයට නෙවෙයි ශ්‍රි ලංකාවට. ශ්‍රී ලංකාව තමයි එයාර් බස් ගත්තේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ඇමෙරිකාවේ ගත්තා කියලා විදේශීය අධිකරණයක් විසින් තීන්දුවක් ලබාදිලා තිබුණා. එදා හිටපු තානාපතිට යම් කිසි ගෙවීමක් ලැබුණ කියලත් සඳහන් වුණා. ඒ බව තීරණය වෙලා තිබෙන්නේ ඇමෙරිකාවේ පෙඩරල් උසාවියක. නමුත් ලංකාවේ එම චෝදනාව සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණය තීන්දුවන් අරගෙන නෑ.

රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව කෝප් සභාවෙන් විමසා බලා එම ආයතවල දූෂණ වංචා සිදුවී තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන්න පුලුවන් හැකියාව කෝප් කමිටුවට තිබිය යුතුයි. නමුත් මෙවැනි සභාවලට පත් කරන්නේ සෘජු තීන්දු තීරණ ගැනිමට නොහැකි පුද්ගලයන්ව. පත් කරන පුද්ගලයන්ට චෝදනා තිබෙනවානම් එම පුද්ගලයන් පත් නොකළ යුතුයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටිනවා චෝදනා නැති පුද්ගලයන්. එවැනි පුද්ගලයන් තමයි කමිටු වලට පත් කළයුත්තේ. නමුත් එවැනි පුද්ගලයන් පත් කරන්නේ නෑ. දැන් හඩ නැගුවා ඇති දැන් තිබෙන්නේ පරෙළලා දාන්න. වර්තමාන පාලකයන් සියලු දෙනාම පන්නා දැමිය යුතුයි. වර්තමාන පාලකයන් සමඟ රට වෙනස් කරන්න බෑ. ජනාධිපති කමිටු , පාර්ලිමේන්තු කමිටුවලින් දුෂණය වංචාව තුරන් කරන්න බෑ.‘‘

SendShareShare
Previous Post

විපක්ෂය තුනක් ඉල්ලුවාම මුලින් දුන්නේ දෙකයි! ජනපති අද එකක් වැඩි කර තුනක්ම දෙයි! විශ්වාසභංගය තවත් උණුසුම් වන ලකුණු! I Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ සියලු කණ්ඩායම් සාකච්ඡා කොට තීන්දුවක් ගනී! ඔක්කොම එකඟයි! ආණ්ඩුවේ 15 දෙනෙකුත් නෑ! මෙන්න විශ්වාසභංගයේදී කතානායක මහින්ද යාපාට වෙන්න යන දේ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.