අද (05) උදෑසන වැලිවේරිය ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේම දමා කුඩා ලොරි රථයකින් පළා ගොස් ඇති බවයි.
තුවාලකරු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.
ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.










