අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුමට නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව සොයා බලා ඇති බව පොලිසිය පවසයි.
එහිදී එම නිවසේ සිටි දැරියක විසින් මෙම පිරිස දැක කෑ ගැසීමත් සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවසින් පිටතට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.










