අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ ඊයේ (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
කෙසේ නමුත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර, කිසිවෙකුට හෝ වෙඩිවැදීමක් හෝ සිදුව නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇත.










