වත්මන් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා සිය ධූරයෙන් නික්ම යාමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මැයි 31 වන දින යුධ හමුදාපති ධූරයෙන් නික්ම යාමට ඒ මහතා තීරණය කොට තිබේ.
ඉන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජුනි 1 වන දින වැඩ භාර ගැනීමට නියමිතය.
මේ වනවිටත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටින්නේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.
මේ අතර, වත්මන් මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් ඉවත් වීමෙන් පසු ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය.