ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් මහජන බුද්ධිමතෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය ශෂී තරූර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණ.Sri Lanka Latest News
මෙම සංවාදයේදී ජාතීන් දෙක අතර දූරදර්ශී පාරිසරික සංචාරක මුලපිරීම් ඇතුළු මාතෘකා රාශියක් සාකච්ඡා විය.
මෙහිදී ඔවුන් ඉන්දියාවේ හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි විසින් නිර්මාණය කරන ලද කොටි ව්‍යාපෘතිය සහ එය පරිසර සංචාරක ව්‍යාපාරය නංවන ආකාරය පිළිබදවත්, කොටින් සංරක්ෂණයට දායක වූ ආකාරය පිළිබඳව සොයා බැලීය.
මෙම සාර්ථකත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිනිර්මාණය කිරීම අරමුණු කරගනිමින් විපක්ෂ නායකවරයා තම අදහස් මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව වත්මන් අභියෝගවලින් මිදීම සඳහා පාරිසරික සංචාරක ව්‍යාපාරයට ප්‍රධාන භූමිකාවක් ඉටු කළ හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡාවේදී සොයා බැලීය.
නායකයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තත්ත්වය, ජනතාවගේ දුක්ඛිත තත්ත්වය සහ දරිද්‍රතා මට්ටම් ඉහළ යාම වැනි දැවෙන ප්‍රශ්න සාකච්ඡා කළහ.