බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් බංගලාදේශ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තු අසුනක් දිනා වැඩි කලක් යන්නට මත්තෙන් රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.Sri Lanka Latest News
ෂකීබ් අතිවිශාල පිරිසක් වටකරගෙන සිටියදී රසිකයකුට දැඩි කම්මුල් පහරක් දෙන අයුරු දැකගත හැකිවිය.
ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදී රසික රසිකාවියන් ඔහු වටකරගත් අතර රසිකයෙක් ඔහු පිටුපසින් අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා ඔහු මෙලෙස රසිකයාට කම්මුල් පහරක් දී තිබෙනවා.
Slap Shot from Shakib 🏏 pic.twitter.com/D2MGqqAhPK
— Zaki Ishtiaque Hussain (@Gunner_811) January 7, 2024










