ත්‍රිකුණාමලය ග්වාඩලුෆජේ අප ස්වාමි දුවගේ දේවස්ථානයේ කරඬුවක තැන්පත් කර තිබූ පුරාවස්තු කිහිපයක් සොයාගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
දේවස්ථානය භාර ජී.ආර්. ජයරත්නම් පියතුමා සඳහන් කළේ එම කරඬුව තුළ ශුද්ධවන්තයන්ගේ ශරීර කොටස් තැන්පත් කර ඇති කුඩා කරඬු 9ක් තිබී සොයාගැනුණු බවයි.
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම එම පුරාවස්තු මහජනතාවට ප්‍රදර්ශනය කරන බවද පියතුමා සඳහන් කර සිටියා.










