බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාර්තාමය චිත්‍රපටයක රූගත කිරීමක නිරතව සිටියදී තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. Sri Lanka Latest News
රූගත කිරීම් අතරතුර ඔහුගේ නාසයට තුවාල සිදු වී ඇතැයි ද, ලේ ගැලීමක් සිදුවීමෙන් පසු රෝහල්ගත කළ ෂාරුක්ට සුළු සැත්කමක් ද කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
එම තුවාලය බරපතළ නොවන බව රෝහලේ වෛද්‍යවරු ෂාරුක්ගේ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමට දැනුම් දී ඇති අතර, සැත්කමින් පසු ඔහු නැවත ඉන්දියාව බලා පිටත් වූ බව ද වාර්තා වේ.
මේ වන විට ඔහු ඉන්දියාවේ සිය නිවෙසේ විවේකීව ගත කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.










