විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.










