• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනප්‍රිය නිළියන්-නිරූපිකාවන් කීපදෙනෙක්ම කුඩු ජාවාරම්කරුවන්ගේ පාතාල නායකයන්ගේ කළු සල්ලි සුදු කරලා! කෝටි ගණන්වලින් ගෙවල් දොරවල් සුපිරි යානවාහන මිලදී අරන්! CIDය පරීක්ෂණ අරඹයි! හෙට අනිද්දාම ප්‍රශ්න කරන්න සියල්ල ලෑස්තියි! ‌දේපොළ රාජසන්තක වෙන ලකුණු! Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනප්‍රිය නිළියන්-නිරූපිකාවන් කීපදෙනෙක්ම කුඩු ජාවාරම්කරුවන්ගේ පාතාල නායකයන්ගේ කළු සල්ලි සුදු කරලා! කෝටි ගණන්වලින් ගෙවල් දොරවල් සුපිරි යානවාහන මිලදී අරන්! CIDය පරීක්ෂණ අරඹයි! හෙට අනිද්දාම ප්‍රශ්න කරන්න සියල්ල ලෑස්තියි! ‌දේපොළ රාජසන්තක වෙන ලකුණු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජැක්ලින් ෆර්නැන්ඩස් සැලකෙන්නේ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකීය සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් ලෙසිනි. ඇය ජාත්‍යන්තරය ජයගත්තේ අපේ අසල්වැසි ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තයට පිවිසෙමිනි. ඇයව අද වන විට ඉන්දියාවේ නොදන්නා අයෙක් නැති තරම්ය. ඒ තරමට ඇය ඉන්දියාවේ ජනප්‍රිය තරුවකි.Sri Lanka Latest News

මෙම සිනමා තරුව ඉන්දියාව තුළ වඩාත් කතාබහකට ලක්වූයේ ඇය ඉන්දියාවේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන සුකේෂ් චන්ද්‍රසේකර සමඟ පැවති සමීප සම්බන්ධතාව හේතුකොටගෙනය. ඉන්දියානු සිනමා කර්මාන්තය කැලඹූ සුපිරි තාරකාවක් වූ ජැක්ලින්ට සුකේෂ් වැනි පාතාල අපරාධකරුවෙක් ඇසුරු කිරීම හේතුවෙන් දැවැන්ත චෝදනාවක් එල්ල වන්නේ ඇය කළු සල්ලි සුදු කළ බවටය.

මෙම චෝදනාව ඇයට එල්ල වන්නේ සුකේෂ් චන්ද්‍රෙස්කර සම්බන්ධයෙන් එරට මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් මුදල් විශුද්ධිකරණයෙන් කළ විමර්ශනයක් ඔස්සේය. ඉන්දියානු රුපියල් කෝටි 200ක් සම්බන්ධයෙන් සුකේෂ් චන්ද්‍රෙස්කරට එරෙහිව ඇරඹුණු එම විමර්ශනයේදී එරට මූල්‍ය විමර්ශන ඒකකය හෙළි කර තිබුණේ ජැක්ලින්ට ඔහු මිනිකූපර් රථයක්, ඉන්දියානු රුපියල් ලක්ෂ 09ක් වටිනා පර්සියන් බළලුන් 03 දෙනෙක්, ඉන්දියානු රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙක් ඇතුළු ඉන්දීය රුපියල් මිලියන 71.2ක් වටිනා තෑගි බෝග ලබාදී ඇති බවය. ඒ සියල්ල කළු සල්ලිය. මේ නිසාම අද වන විට ජැක්ලින්ට සිදුව ඇත්තේ රටින් පිටවීම පවා තහනමකට ලක්ව ඉන්දියාව තුළ කොටුවී සිටීමටය.

ජැක්ලින්ට වූ චෝදනාවම අපේ රටේත් නිරූපණ ක්ෂේත්‍රයේත් රංගන ක්ෂේත්‍රයේත් සිටින කාන්තාවන් දෙතුන් දෙනෙකුට වැඩිකල් නොගෙස්ම එල්ල වීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ නමගිය පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකු සමඟ කවුරුත් දන්නා කියන නිරූපිකාවන් සහ නිළියන් කිහිපදෙනෙකුම කිට්ටු සම්බන්ධකම් පවත්වමින් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් ගැන මේ වන විට මුදල් විශුද්ධිකරණයෙන් රහසිගත විමර්ශනයක් පැවැත්වෙමින් ඇති බැවිනි.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලින් මිලදී ගත් මිල අධික මෝටර් රථ පරිහරණය කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම නිරූපිකාවන් සහ නිළියන් නිතර රට සවාරි යමින් කෙළිලොල් ජීවිතයන් ගත කරමින් සිටින්නේ ගෞරවාන්විතව සිය වෘත්තිය කරගෙන යන බහුතරයක් වූ නිරූපිකාවන් සහ රංගන ශිල්පිනියන්ට අවමානයක් ගෙන දෙමිනි. ලෝකයේ මිල අධිකම ඇඳුම් පැලඳුම් මෙන්ම සුවඳ විලවුන් වර්ග ද භාවිත කරමින් කුමාර සැප විඳින මෙම නිරූපිකාවන් සහ රංගන ශිල්පිනියන් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සුරතලුන් බවට පත්ව සිටින්නේ මත්කුඩු ජාවාරමට ද සම්බන්ධ වෙමින් දැයි මේ වන විටත් බුද්ධි අංශ සිටින්නේ දැඩි අවධානයකිනි.

සිය බිරිය සමඟ ඇතිකරගත් ආරවුලක් මුල්කරගෙන මේ වන විට ප්‍රංශ හිර ගෙදරක සිටින ගොනා කෝවිලේ කුඩු අංජුගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයට ද නිරූපිකාවකගේ සම්බන්ධයක් පැවතියේ කලක සිටය. ඒ ගැන බුද්ධි අංශ පවා සිටියේ දැඩි අවධානයකිනි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින මෙම නිරූපිකාව ගමන් බිමන් යන්නේ මිල අධික සුඛෝපභෝගී මෝටර් රථවලිනි. ඇය ජීවිත කාලය පුරාම අපේ රටේ නිරූපණ කටයුතු කළත් හරි හම්බකර ගන්නට බැරි මුදලක් ඇය අඳින්න පලඳින්න වියපැහැදම් කරති. මෙකී නිරූපිකාව මේ දේවල් ළඟා කරගෙන ඇතැයි සැක කරනු ලබන්නේ කුඩු අංජුගේ මත්කුඩු එහා මෙහා රැගෙන යමිනි. පොලිසියේද දේශපාලන ක්ෂේත්‍රයේ ද ඉහළ අතු සමඟ ඉතා සමීප හිතවත්කම් ගොඩනඟාගෙන සිටින ඇය මේ හැමදෙයක්ම කරන බව බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත්තේ එම හයියට මුවා වී බවය.

කුඩු අංජුගේ මත්කුඩු ජාලයේ සිටින්නේ ඇය පමණක් නොව තවත් කිහිප දෙදෙනෙකුම සිටිති. කුඩු අංජුගේ බාප්පාගේ පුතා ද විවාහ වී සිටියේ ආධුනික නිළියක් සමඟිනි. ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත රඟපා සිටි ඇය නිරූපිකාවක් ලෙස ද කටයුතු කර තිබුණාය. 2021 වසරේදී ඇයවත් ඇගේ සැමියාවත් අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ කුඩු අංජුගේ මත්කුඩු ජාලය සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළවය. එහිදී හෙළි වන්නේ කුඩු අංජුගේ කළු සල්ලි සුදු කරන එක් කණ්ඩායමක් වන්නේ ඔවුන් බවය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ද මෙම නිළිය සහ ඇගේ සැමියාට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් ඇත්තේ ඔවුන්ට අයත් වත්කම් රැසක් තහනම් කරමිනි. ඉදිරියේදී එම වත්කම් රාජසන්තක කිරීමට ද ඇති ඉඩකඩ බොහෝය.

මෙම නිළිය කුඩු අංජුගේ මත්කුඩු ජාලයට බිලිබා ගන්නේ ඇය රංගන ක්ෂේත්‍රයට ආ හැටියේමය. අද බොහොමයක් තරුණියන් රංගන හෝ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟම සිහින දකින්නේ සුඛෝපභෝගී ජීවිතයකි. ඒ නිසාම ඒ අය ඕනෑම කුප්ප වැඩක් කිරීමට ද පෙලඹ සිටිති. එබැවින් මෙවැනි නවක රංගන ශිල්පිනියන් බිලිබා ගන්නටම සූදානම් වූ පිරිසක් ද සිටින බව නොරහසකි. ඒ අයව මත්කුඩු ජාවාරම්කරුවන් සහ ගණිකා ජාවාරම්කරුවන් බිලිබා ගන්නේ ඔවුන් දන්නා කියන ක්ෂේත්‍රයේම උදවියයි. ප්‍රසිද්ධ යැයි කියනු ලබන ඇතැම් නළු නිළියන් ද ඒ අතර නැත්තේම නැත. මෙරට රාත්‍රී සමාජ ජාල සමූහයක හිමිකරුවෙක් ද එසේ සිය ව්‍යාපාරවලට ආකර්ෂණයක් ඇතිකර ගැනීමට නවක රංගන ශිලිපිනියන් හා නිරූපිකාවන් සිය ග්‍රහණයට ගෙන තිබුණේ එවන් චරිත හරහාය.

දේශපාලනඥයන්, ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, පාතාල අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් වැනි සමාජයේ හැම අයෙක්ම ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන මේ කියන චරිතය මේ හැමෝටම සලකමින් සිය ව්‍යාපාර කරගෙන යන ධන කුවේරයකි. වසර කිහිපයකට පෙර කොළඹට නුදුරු ප්‍රදේශයකදී සිදු වූ රිය අනතුරකින් මිය ගිය නවක නිරූපණ හා රංගන ශිල්පිනිය ද මෙම ව්‍යාපාරිකයාට සමීපව සිටියෙක් බව ප්‍රසිද්ධ රහසකි. ඇය එදා අනතුරට ලක්වන්නේ ද එම ව්‍යාපාරිකයා සමඟ බහින්බස් වී ගුටි බැට හුවමාරුවකින් ද අනතුරුව මෝටර් රථයේ නැඟී අධික වේගයෙන් ගමන් කරමින් සිටියදීය. එහෙත් එදා ඒ ගැන කිසිවකුත් කතා නොකළේ ව්‍යාපාරිකයා විසින් ඒ හැමෝගේම කට වැසූ බැවිනි.

මෙම ව්‍යාපාරිකයා පාතාල අපරාධකරුවන්ව සමීප කරගෙන සිටින්නේ සිය ව්‍යාපාර නිදහසේ පවත්වාගෙන යාම සඳහා එවන් සම්බන්ධකම් වඩාත් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති බැවිනි. ඔහු ඇසුරු කරන්නේ පාතාලයේ දැවැන්තයන්ය. මාකඳුරේ මධුෂ් ඩුබායි හි සංවිධානය කළ සාදයට පවා මොහුට ආරාධනා ලැබී තිබුණේය. එම ආරාධනාවට අනුව ඩුබායි බලා යාමට ඔහු කටුනායක ගුවන්තොට බලා ගිය ද අවසාන මොහොතේ ඔහු හැරී තිබුණේ හිතට දැනුණ යම් චකිතයක් නිසාය. ඒ නිසා ඔහු මධුෂ් සමඟ ඩුබායි පොලිසියට හසු නොවී බේරුණේය. කතාව එය නොව මෙම ව්‍යාපාරිකයා තමන් ඇසුරු කරන තරුණ නිළියන්ව පාතාලයේ අපරාධකරුවන්ගේ මනදොල සපුරාලීමට ලබාදීමය. මෙම ව්‍යාපාරිකයා ව්‍යාපාරික ලෝකයේ සිය බලය රඳවා ගෙන සිටින්නේ එසේය.

මේ වන විට මරණීය දණ්ඩනයෙන් සිර දඩුවම් ලබා බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදා ද නිළියන්ගෙන් සහ නිරූපණ ශිල්පිනියන් රැසකගෙන්ම වැඩ ගත් අයෙකි. 2015 වසරේදී ඔහුව පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ආ පසු කෙරුණු විමර්ශනවලින් කියැවුණු ආකාරයට අනුව නිළියන් හා නිරූපිකාවන් 06 දෙනෙකුගේ සම්බන්ධයන් අනාවරණය වී තිබුණේය. එකල කියැවුණු ආකාරයට අනුව එම රංගන ශිල්පිනියන් හා නිරූපිකාවන් කවුරුත් නම කියූ හැටියේ දන්නා කියන අයයි. වෙලේ සුදා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් වාහන, ඉඩකඩම් මෙන්ම තට්ටු නිවාස සංකීර්ණවලින් සුඛෝපභෝගී නිවාස පවා මිලදී ගෙන තිබුණේ මෙම නිළියන් සහ නිරූපිකාවන්ගේ නම්වලිනි. වෙලේ සුදා කළු සල්ලි සුදු කළේ එසේය. මේ හැමදෙයක්ම ඔහු කර තිබුණේ ඩුබායි හි රැඳී සිටිමිනි. එකල ඔහුට ඩුබායි හි තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික සැලකිලිය. ඒ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රබලයකු සමඟ ඔහුට පැවති සමීප හිතවත්කම මතය. එක්සත් එමීර් රාජ්‍යයේ සංවිධානය වන ශ්‍රී ලාංකියන් සම්බන්ධ වන හැමදෙයක්ම එකල සිදුවූයේ වෙලේ සුදාගේ අණසකට යටත්වය. ඒ තානාපති කාර්යාලයෙන් ලෙහෙසියෙන්ම හැමදෙයක්ම කරගත හැකිවූයේ වෙලේ සුදා මඟින් වූ බැවිනි. නිළියන් සහ නිරූපිකාවන් සමඟ වෙලේ සුදා ඉතා කිට්ටු සම්බන්ධකමක් ගොඩනඟා ගන්නේද විවිධ ප්‍රසංග සඳහා ඒ අය ඩුබායි ආගිය අවස්ථාවන්වලදීය. වෙලේ සුදා විසින් ඒ අයගේ නම්වලින් දේපොළ මිලදී ගත්තා පමණක් නොව, ඇතැම් අයට එම දේපොල භුක්ති විඳින්නට ද අවස්ථාව ලබා දී තිබුණු බව සඳහන්ය. වෙලේ සුදාගේ කළු සල්ලි සුදු කරන්නට මැදිහත් වූ බව කියන හඳුනාගත් නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් 06 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධිකරණයෙන් ආරම්භ කරන බව එකල කියැවුණත් අදටත් එවන් විමර්ශනයක් සිදුවූ බවක් නම් දැනගන්නට නැත.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් කෝටි ගාණක මුදල් වංචාවක් කළ බවට චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ළඟ පවා මුදල් තැන්පත් කළ අය අතර රංගන ශිල්පිනියන් කිහිපදෙනකුගේ නම් පවා කියැවුණි. ඒ අය අතර ප්‍රවීණ රංගන ශිල්පිනියන් ද සිටියාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රංගන ශිල්පිනියන්ගෙන් කිහිපදෙනෙකු ගෙන්වා ප්‍රශ්න කිරීමක් ද කළේය. එහිදී ඇතැම් රංගන ශිල්පිනියන් පවසා තිබුණේ තමන් තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් තැන්පත්කර නොමැති බවය. ඒ බව දන්නේ ප්‍රියමාලි හා එම රංගන ශිලිපිනියන් පමණි. ඒ ගැන වැඩිදුර විමර්ශනයක් පැවැත්වූ බවක් පවා මෙතෙක් අනාවරණය වන්නේ ද නැත. ඒ ඇතැම් විට එම රංගන ශිලිපීන්ට එම මුදල් ලැබුණු ආකාරය ගැන හෙළි කරන්නට හැකියාවක් නොමැති බැවින් තමන් තිළිණි ළඟ මුදල් තැන්පත් නොකළ බව කියන බැවින් විමර්ශන ඇනහිට ඇති බව සිතිය හැකිය. කෙසේ වෙතත් මේ ගැන පොලිසිය නිල වශයෙන් ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැත. ඒ ගැන ඇසුවත් කියන්නේ ද නැත. ‍

මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනකුගේ කළු සල්ලි සුදු කරන්නට කටයුතු කර ඇතැයි කියනු ලබන රංගන ශිල්පිනියන් සහ නිරූපිකාවන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇත්තේ ද නිරූපිකාවන් සහ රංගන ශිල්පිනියන් සම්බන්ධයෙන් මෙවන් පසුබිමක් පවතින මොහොතකය. ඒ අය අතර ප්‍රියමාලි ළඟ මුදල් තැන්පත් කළේ යැයි කියනු ලබන ඇතැම් රංගන ශිල්පිනියන්ද නැත්තේම නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුවන්නේ ඉතාමත් රහසිගතවය.

පාතාල අපරාධකරුවන්ගේ කළු සල්ලි සුදු කරමින් ඉඩකම්, දේපොළ මෙන්ම වාහන මිලදී ගත්තේ යැයි කියැවෙන රංගන ශිල්පිනියකගෙන් මෑතකදී විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කිරීමකට සූදානම් වූයේ විමර්ශනයකදී හෙළි වූ තොරතුරු මතය. එහෙත් ඇය මේ වන විට එම විමර්ශන නිලධාරීන්ට අභියෝග කර ඇත්තේ ඇය සතුව ඇති හැම දේපොළක්ම තමාට අයිති ඒවා බව කියමින් හැකි නම් ඒවා කුඩුකාරයන්ගේ මුදල්වලින් මිලදීගත් දේපොළ බව ඔප්පු කරන ලෙසය. රංගන ශිල්පිනියක් ලෙස ලැබෙන සොච්චමින් මිලදී ගැනීමට නොහැකි අසාමාන්‍ය වත්කමක් හිමි බව කියන ඇය මෙසේ විමර්ශන නිලධාරීන්ට අභියෝග කර ඇත්තේ ඇතැම් විට ඇය ඇසුරු කරන බලවත් අයගේ හයිය පෙන්වීමට විය හැකිය. කෙසේ වෙතත් එම රංගන ශිල්පිනිය පමණක් නොව, තවත් කිහිප දෙනකුම වැඩි කල් යන්නට මත්තෙන් ප්‍රශ්න කිරීමකට ලක්වනු ඇත. ඒ ඔවුන්ගේ දේපොළ පවා තහනමකට ලක්වෙමිනි. ඒ මෙම විමර්ශනයට අනවශ්‍ය අතපෙවීම් සිදු නොවුණහොත් පමණි.

ගයාන් කුමාර වීරසිංහ -සිළුමිණ

SendShareShare
Previous Post

මාස 4ක් තිස්සේ ‌ඉස්පිරිතාලවල ඉන්සියුලින් නෑ! ඉතිහාසයේ කවදාවත් ‌නොවෙච්ච වැඩක්! දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ට මොනවද දැන් දෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 26ක් බිලක් තියෙන නායකයාගේ ගෙදර ලයිට් කැපුවේ නෑ! මිහින්තලා පුදබිමේ ලයිට් කැපුවා! මිහිඳු හිමියන් බුදුදහම රැගෙන වැඩිය මිහින්තලාවට වඩා ඒ නායකයාගේ ගෙදර වැදගත්ද? දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට අද උදේම ගිය විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.