අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර ඇති අතර, තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.Sri Lanka Latest News
ඊයේ (14) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
තුවාලකරුවන් අතර රියදුරෙකු ද වන අතර ඔවුන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේම නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණි.










