වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ.Sri Lanka Latest News
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් අද (27) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය.
ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.
ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳි ඇත්තේ කොස්තාපල්වරයෙකු වශයෙනි.
පසුව ඔහු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබා තිබේ.
55 හැවිරිදි වියේ පසුවන වැඩබලන පොලිස්පතිවරයා නීතිඥවරයෙකි.
එසේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධිය (2017-2020) ද හිමිකර ගෙන තිබේ.










