ආණ්ඩුව මේ වනවිට දේශීය සම්පත් විදේශයන්ට විකුණා දමා රට කාන්තාරයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය විනාශකාරී ගමන් මගේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මැයි දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.










