රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත 2022 ජූලි 25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම නියමිතයි.
මිට අමතරව බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන බව ද නැතහොත් බදාදා සහ සිකුරාදා මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.










