ආර්ථික අර්බූදය හමුවේ බොහෝ පවුල් මුහුණ දෙන දැඩි ආර්ථික දුෂ්කරතා මෙන්ම පාසල්වල නිසි පරිදි අධ්‍යාපන කටයුතු නොපැවැත්වීම හේතුවෙන් ඇතැම් ඉහළ ශ්‍රේණිවල සිසුන් පාසල් අධ්‍යාපනය නවතා නොයෙකුත් රැකියාවල නියැලීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය තුළ බොහෝ පවුල් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත් එවැනි පවුල්වල සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි බවත් අධ්‍යාපන පොදු සහතික පත්‍රයට පෙනී සිටීමට නියමිත සිසුන් අතර මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත් දැනගන්නට තිබේ.
මෙම වසරේ උසස් පෙළ (උ.පෙළ). විභාගයට පෙනී සිටීමට නියමිත ඇතැම් සිසුන් රැකියා සඳහා යොමුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දෙමාපියන්ගේ රැකියාව අහිමිවීම නිසා නිවසේ වියදම් දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම බව දැනගන්නට ඇත.
රැකියා සඳහා යොමුවන බොහෝ සිසුන් ඔවුන් ජීවත්වන ප්‍රදේශවල හෝ ඒ ආසන්නයේ විවිධ දෛනික වැටුප් රැකියාවල නිරතව සිටින බව වාර්තා වේ.
විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන ඇතැම් සිසුන් විධිමත් රැකියා වෙනුවට වැලි ගොඩ දැමීම වැනි විවිධ අවිධිමත් ක්‍රමවලින් මුදල් ඉපයීමට යොමු වී ඇති බවද වාර්තා වේ. – ද මෝනින්ග් අනුග්‍රහයෙනි.










