• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්බන්ධන් කල් තියාම ජිනීවාවලදී ලංකාවට උගුලක් අටවයි! සියලු සාමාජික රටවල්වලට ලියුමක් යවයි!

February 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්බන්ධන් කල් තියාම ජිනීවාවලදී ලංකාවට උගුලක් අටවයි! සියලු සාමාජික රටවල්වලට ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව පසුගිය වසර 12 තුළ පශ්චාත් යුද සමයේ ගැටලුවලට විසඳුම් සෙවීමට කිසිදු අර්ථවත් පියවරක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල දූත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව දැනුුුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් වන අතරතුර සම්බන්ධන් මහතා විසින් මෙම ලිපිය යවා තිබීම විශේෂත්වයකි.

“2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සන්නද්ධ ජනවාර්ගික ගැටුම අවසන් වී සතියක් ඇතුළත, එනම් 2009 මැයි 23 දින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රබලතම කැපවීම යළි අවධාරණය කළේය. ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම මහලේකම්වරයා අවධාරණය කළේය. එම දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නා බවට පොරොන්දු වුණා” යනුවෙන් සම්බන්ධන් එම ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය වගවීමේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකිරීමට අමතරව, හමුදාකරණය, දේශපාලන සිරකරුවන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම ඇතුළු සිවිල් සමාජ සහ මාධ්‍යවේදීන් සහ පවුලේ අය අලුතින් අත්අඩංගුවට ගැනීම් ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමේ ක්‍රියාකාරකම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැහැදිලි කර ඇත. එල්ටීටිඊ සාමාජිකයින් සහ අනෙකුත් අය ඔවුන්ගේ මියගිය ඥාතීන් අනුස්මරණය කිරීම, විවිධ රජයේ දෙපාර්තමේන්තු වල ක්‍රියාකලාපය, සම්ප්‍රදායික සාමූහික ඉඩම් අයිතිය සහ ගව තණබිම් අයිතීන් ප්‍රතික්ෂේප කිරීම සහ දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිරීක්ෂණ තීව්‍ර කිරීම හරහා අවතැන් වූ දෙමළ ජනයාට ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි වීමට බාධා පමුණුවා ඇති බවද මෙම ලිපියෙන් සම්බන්ධන් මහතා තොරතුරු අනාවරණය කොට තිබේ.

සම්බන්ධන්ට අනුව දෙමළ ජනතාව මුහුණ දෙන බරපතළම අනතුර වන්නේ දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වලින් පලවා හැරීමට අමතරව පුරාවිද්‍යා ගවේෂණ, වනජීවී ආරක්‍ෂාව, රක්ෂිත වනාන්තර ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් සිදුවන ඉඩම් මංකොල්ලකෑමේ ප්‍රශ්නයයි.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2022 පෙබරවාරි සහ මාර්තු මාසවලදී රැස්වන බැවින් අංක 46/1 යෝජනාවට අදාළව ශ්‍රී ලංකා රජයේ කැපවීම් පිළිබඳ ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක් කරන බැවින්, චෝදනා විමර්ශනය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස අපි සාමාජික රටවලින් ඉල්ලා සිටිමු.’ යනුවෙන්ද සම්බන්ධන් සිය ලිපියෙන් අවධාරණය කොට ඇත.

SendShareShare
Previous Post

ගම බේරාගන්නට පැමිණි ඉංග්‍රීසි භූතයෙක්…

Next Post

කිංස්ලි ඉදිරිපත් කරයි! මෙන්න ජනාධිපතිගෙ දිනපොත! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.