• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියා වී අස්වැන්න නෙළන්න පටන් අරන්! නැගෙනහිර ගොයම් කපලත් ඉවරයි! තවමත් ආණ්ඩුව සහතික මිල නියම කරලා නෑ! එදා මේ අය කුඹුරුවලට බැහැලා දීපු පොරටෝක් කොහොමද? ඒ මදිවාට වී ගන්න බිලියන 5ක් වෙන් කළා කිව්වත් වී අලෙවි මණ්ඩලය භාණ්ඩාගාරයෙන් ඒ මුදල් තවම ඉල්ලලා නෑ! මාලිමා ආණ්ඩුවත් ෆේල්! සජිත් කුරුණෑගලින් සටන පටන් ගනී!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ගොවියා වී අස්වැන්න නෙළන්න පටන් අරන්! නැගෙනහිර ගොයම් කපලත් ඉවරයි! තවමත් ආණ්ඩුව සහතික මිල නියම කරලා නෑ! එදා මේ අය කුඹුරුවලට බැහැලා දීපු පොරටෝක් කොහොමද? ඒ මදිවාට වී ගන්න බිලියන 5ක් වෙන් කළා කිව්වත් වී අලෙවි මණ්ඩලය භාණ්ඩාගාරයෙන් ඒ මුදල් තවම ඉල්ලලා නෑ! මාලිමා ආණ්ඩුවත් ෆේල්! සජිත් කුරුණෑගලින් සටන පටන් ගනී!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද උද්ගත වී ඇත්තේ ඉතාම කණගාටුදායක ඛේදනීය තත්ත්වයක් බවත් මේ වන විට වී අස්වැන්න කැපීමේ ක්‍රියාවලිය ආරම්භ වුවත් වී වලට සහතික මිලක් දෙන්න රජයට නොහැකි වී ඇති බවත් නැගෙනහිර පළාතේ ගොයම් කැපී අවසන් වුවත් තවමත් සහතික මිල දෙන්න නොහැකි වී ඇති බවත් මේ අස්වැන්න මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වෙනුවෙන් භාණ්ඩාගාරය බිලියන 5ක් වෙන්කර ඇති බව දැන ගන්නට ලැබුණත් වී මිලදී ගැනීම උදෙසා තවමත් වී අලෙවි මණ්ඩලය මුදල් අවශ්‍යයි කියන ඉල්ලීම මහා භාණ්ඩාගාරයට නොකිරීම නිසා නමට පමණක් මුදල් වෙන් වී ඇති බවත් මේවා රජයේ දුර්වලතා බවත් රාජ්‍ය පාලනයේ අඩුපාඩුකම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වී මිල දී ගන්න මුදල් වෙන් වුවත් වෙන් කළ මුදලින් වී මිලදී ගෙන නොමැති බවත් පසුගිය කාලයේ වත්මන් මැති ඇමතිවරු කුඹුරුවලට බැස පොහොර සහනාධාරය සහතික මිල ගැන ලොකුවට කතා කළ බවත් වී ගොවියා වෙනුවෙන් ගොවිතැන් වෙනුවෙන් පණ දෙන්න සූදානම් වූ ආණ්ඩුවේ නියෝජිතයන්ට සහතික වී මිලක් දීගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල හිරියාල මැතිවරණ කොට්ඨාසයේ ගනේවත්ත ප්‍රදේශයේ ඉලුක්වත්ත ග්‍රාමයේ පැවැති ජන හමුවක් අමතමිනි.

තෙත වී යන්නේ රුපියල් 80ට වුවත් මැතිවරණ සමයේ රජයේ නියෝජිතයන් රු 150ක සහතික මිලක් ගැන කියූ බවත් ඒ කියූ කතා අන්තර්ජාලයෙන් පවා මකා සියල්ල අමතක කර ඇති බවත් මෙය ඉතා අසාධාරණ තත්ත්වයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2025 මහ කන්නයෙ මෙට්‍රික් ටොන් 2.5ක් අස්වැන්න ලෙස අපේක්ෂිත බවත් යල කන්නයට මෙට්‍රික් ටොන් 1.7ක් ලෙස ද රජය ඇස්තමේන්තු කර ඇති බවත් ය.

මේ දවස්වල රජයට හරි හරියට වැරදෙන්නේ

මේ දිනවල රජයට හැම අතින්ම වැරදීම් සිදුවන බවත් සංඛ්‍යා ලේඛන මොකක් වුවත් වී ගොවියාට ලබා දෙන සහතික මිල තීන්දු කරන්නේ නැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මේ අස්වැන්න සහතික මිලට ලබා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන කෝ කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා අපි කියූ ඇත්ත අද යථාර්ථයක් බවට පත් වෙලා

මීට අමතරව වගා හානි දීමනා, වන අලි මිනිස් ගැටුම නිසා සිදු වූ වගා හානි, මහ වැසි හා ගංවතුර නිසා සිදුවූ වගාහානි ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ගොවියා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ රජය අද නිහඩ වී ඇති බවත් ඊළග කන්නවලදී මෙවැනි ඉරණමක් වී ගොවිතැනට අත්පත් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එදා ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ඇත්ත ප්‍රකාශ කරමින් ඉදිරිපත් කළ සත්‍ය වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර බොරුවට වහල් වූ නිසා ගොවියාගේ ජන ජීවිතය අඩපණ වී ඇති බවත් ය.

ඉහළ නියෝගයක් නිසා රතු ලේබල් සහිත බහලුම් පරීක්ෂා නොකරම නිදහස් කරලලු

වරයේ රේගුවේ සිදුවූ සිදුවීම දෙස බලන විට බහලුම් නිෂ්කාශන ක්‍රියාවලිය පවා සම්පූර්ණයෙන් අඩපන වී ඇති බවත් බහලුම් 323ක් අතරින් 80%ක් පමණ රතු ලේබල් අලවා තිබියදී ඉහලින් ආ නියෝග මත ඒවා මුදවා ඇති බවට නියෝජ්‍ය ඇමතිවරුන් පවා කියන බවත් ඒ මුදා හැරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව රජයේ ඇමතිවරු පැවසුවත් රේගුවට සම්බන්ධ වෘත්තීය සමිති කියන්නේ මේ රතු ලේබල් බහාලුම්වල තිබූ දේවල් පවා සැකසහිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කරන්න නියෝග දුන් ඉහළ පාර්ශ්වය කවුද කියා අනාවරණය කළ යුතු බවත් දැඩි අවදානම් භාණ්ඩ තිබූ බවට රේගු නිලධාරීන් කියද්දි රජය එවැනි අවදානමක් නොමැති බව පවසන බවත් මේවා පරීක්ෂා නොකර ආයුධ මත්ද්‍රව්‍ය රත්රං බාල බෙහෙත් නොතිබූ බවට රජය කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ බහලුම් නිෂ්කාශනය අද අඩපණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවට වැඩ කරපු කලාකරුවන් සෙට් එකකට තනතුරු හම්බවෙයි! I Sri Lanka Latest News

Next Post

දවස ගාණේ ආණ්ඩුවේ සභාපතිවරු අයින් වෙන්නේ ජවිපෙ-මාලිමා මණ්ඩලේ කචල් එක නිසාද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.