අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි.Sri Lanka Latest News
එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේය.
මෙහිදී ස්තූති කතාව සිදු කළ ජැක්සන් පවුලේ බාලයා වූ සජිත අනුත්තර විසින් සිය පියාණන්ට පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ එල්ල කර තිබූ මඩ ප්‍රහාර සම්බන්ධයෙන් පළමු වතාවට පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ, මාස 14ක් තිස්සේ ජැක්සන් ඇන්තනි මහතා හට සවි කොට තිබූ කෘත්‍රීම ස්වසන යන්ත්‍රය සම්බන්ධයෙනි.
එහිදී හෙතෙම කියා සිටියේ පවුලේ ඥාතීන් විසින් එකතු කළ මුදලෙන් ගත් ස්වසන යන්ත්‍රයකින් මෙතුවක් කල් සිය පියා ජීවත් වූ බවත්, මේ මොහොතේ සිට වසර 15ක් පමණ යනතුරු එම යන්ත්‍රයෙන් රෝගීන් ජීවිතය ලබා ගනු ඇති බවත්ය.










