සිරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබිණ.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව ඇය සමග සාකච්ඡා කොට ඇති බව පැවසේ.
එමෙන්ම සජබ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතුද වික්ෂනායකවරයා ඇය සමග සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රදවා සිටී.