අරුණ ජයසේකර ඇමතිවරයා සම්බන්ධයෙන් පුද්ගලික ගැටලු නොමැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එසේම වින්දිතයන් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය නොවූ නිසා ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙකු සූම් තාක්ෂණය හරහා එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවත් මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










