කොළඹ මරුමස්ථාන 7කට අයි.එස් බෝම්බ ප්‍රහාර සැලසුමක් යනුවෙන් රජයේ පුවත්පතක් වන දිනමින පුවත්පතේ සදහන්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවත් රටත් ජනතාවත් හරියට දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුව අමතමිනි.
බන්ධනාගාර ගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම් නිර්මානය කර ඇති බවට මෙහි වාර්තා වන බවත් මෙය බරපතල කරුණක් බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කරන ලෙසත් නැවතත් ත්‍රස්තවාදයකට හිස එසවීමට නොදිය හැකි බැවින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මෙම අවදානම ගැන සොයා බලන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
එසේම ත්‍රස්ත මර්දනය සදහා රටේ නීතිය තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.










