ඇල්කඩුව වතුයායේ කළමනාකරු විසින් වතු කම්කරුවකුගේ නිවසක් කඩා බිදදැමීමට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු සභාගර්භය මැද විරෝධතාවක් සිදු කළහ.Sri Lanka Latest News
ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජබයේ සිට ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ් මහතාද මෙම විරෝධයට එක්ව සිටීමය.
ඊට සිය විරෝධ්‍ය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ගෙම්බෙක් වගේ පැත්තෙන් පැත්තට පැනලා වතු ජනතාව පාවා දුන් ද්‍රෝහියෙකුට උද්ඝෝෂණ කරන්න අයිතියක් නෑ යැයි කියාය.










