• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයේ රස්සා නැති උපාධිධාරීන් 4000ක්! රටේම රස්සා නැති උපාධිධාරීන් 50,000ක්! මේක සමස්ත අධ්‍යාපන ක්‍රමයේම වැරැද්දක්! සිංහල පමණයි-දමිළ පමණයි නොකියා වහා නව අධ්‍යාපන ක්‍රම වෙනසකට ‌රට යොමු කරමු! සජිත් උතුරේ ප්‍රශ්නයට උතුරේදීම විසදුම කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමා යාපනයේ සංචාරය කරන අතරතුර රැකියා නොමැතිව යාපනය ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත තරුණයන් පිරිසක් හමුවූ බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී උතුරු පළාතේ පමණක රැකියා විරහිත උපාධිධාරීන් 4000ක් පමණ සිටින බව දැන ගැනීමට ලැබුණු බවත් මේ වන විට රටේම 50000ක් පමණ උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් ආර්ථික අර්බුධය හමුවේ පෞද්ගලික අංශයට හෝ ඔවුන්ට රැකියාවක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

බහුතරයක් කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය රැකියා ලබා දිම ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් නව තාක්ෂණයෙන් නව දැනුමෙන් සන්නද්ධ නොවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 11) යාපනය මනිපයි සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 231 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහ සමගි ජන බලවේගයේ උතුරු පළාත් සම්බන්ධීකාරක උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මියද එක් විය.

වෛද්‍යා, පරිගණක, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයට රැකියා ලැබුණත් කලා උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එයට හේතුව විෂය නිර්දේශයේ ගැටලු බවත් මේ නිසා 50000 උපාධිධාරීන් මහපාරේ සිටින්නේ ඒ අයගේ වරද නොව අධ්‍යාපනය ක්‍රමයේ වරද නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ සෙසු රටවල මෙන් අප රටේත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන ශ්‍රමිකයන් බිහි කළ යුතු බවත් නව යුගයට ඔබින්නේ තොරතුරු තාක්ෂණ,ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනට මිස සිංහල පමණයි දමිළ පමණයි නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමනිසා සිංහල පමනයි දමිල පමනයි නොකියා IIT, IIM වැනි ආයතන අප රටෙත් ඇති කළ යුතු බවත් මේ මොහොතේ පවා ලෝකය වෙනස් වන බැවින් එම වෙනසට අපිත් අනුගත විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම දරුවා කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල යුතු බවත් ඊට පසු පුරවැසියා කේන්ද්‍ර කර ගත යුතු බවත් දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද නව තාක්ෂණික දියුණුව සඳහා පුහුණු කළ යුතු බවත් සුහුරු අධ්‍යාපනය මෙන්ම සුහුරු කෘෂිකර්මය,සුහුරු ධිවරයා නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 231ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2585ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල් මුලින්ම කාරක සභාවක් දැම්මා! මෛත්‍රීපාල ජනාධිපති කොමිසමක් දැම්මා! ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ඇහුවා! චැනල් ෆෝ නාලිකාව කළ හෙළිදරව්ව ගැන හොයන්න රනිල් කමිටුවක් දැම්මා! ජනාධිපති කොමිසමේ නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක නොකර රනිල් මේ බේරගන්න හදන්නේ කාවද? පාස්කු ප්‍රහාරය මෙහෙයවපු කණ්ඩායම හෙළිවෙනවා දකින්න ජනාධිපතිවරයා කැමැති නැද්ද? නැත්නම් මේ හදන්නේ රනිල්ව තමන්ම බේරෙන්නද? රනිල්ගේ අලුත් පාස්කු කමිටුව මුජිබර් පට්ට ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දින 5ක උතුරේ සංචාරය අවසන්! සජිත් උතුරෙන් බස්නාහිරට! අද ගම්පහ පාසල් 3ක දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර පිරිනමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.