රටක් ලෙස වැටුණු තැනින් ගොඩ ඒමට නම් ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේද නොසලකා එකට එකතු විය යුතු බවත් තවදුරටත් බෙදී සිටියහොත් සදාකාලිකව ම බංකොලොත් වන නිසා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් මේ එකතු වීම සැබෑ දේශප්‍රේමීත්වය හා දේශමාමක බව ලෙස තමා දකිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සෑම ජාතියකට ම ආගමකට ම සම්බන්ධ සියලු දෙනා රට තුළ සතුටින් ජීවත් වනවා නම් එය අප ලබනා ඉහළ ම ජාතික ආරක්ෂා ජයග්‍රහණය බවත් බෙදී කොටස් කර එක ජාතියක් එක ආගමක් එක පන්තියක් රජවීම දේශප්‍රේමීත්වය නොවන බැවින් මේ පාඩම සියලු දෙනාම ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් රට තුළ සමගිය, සමාදානය හා එකමුතුභාවය ප්‍රවර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 14) ගම්පහ මීරිගම මාළිගාතැන්න කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 238 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පාසලේ නැටුම් කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.
ආණ්ඩු කළේ නැහැ කියන ජවිපෙත් ඇමතිකම් දැරුවා
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු කළේ නැහැ කිව්වත් ඒ අයත් ඇමතිකම් දරා ඇති බවත් මේ රටේ වැඩක් කළේ රාජ්‍ය බලය ඇති අය මිසක් විපක්ෂයේ සිටි කිසිදු අයකු වැඩක් නොකළත් විපක්ෂයේ සිට රටට වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ ප්‍රතිපත්තිය ‘කතාවට පෙර සේවය’යි
76 වසරක ප්රජාතන්ත්රීය ඉතිහාසය තුළ එක් නායකයෙක් එක් පක්ෂයක් එක් කණ්ඩායමක් බලයක් නොමැතිව රටට සේවය කළ පළමු අවස්ථාව මෙය බවත් රටේ ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස මෙය බවත් කතාවට පෙර සේවය, කයිවාරුවට සීමා නොවී මහපොළොවේ යථාර්ථයක් බවට පැහැදිලි සේවාවක් හා සංවර්ධනයක් ස්ථාපිත කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවදුරටත් ප්රේඩාකාර දේශපාලනයට නම් රැවටෙන්න එපා
පසුගිය කාලතේ අද දවසෙත් ක්‍රියාත්මක ජනතාව අන්දවන ප්රේඩාකාරී වංචාකාරී පොදුජනතාව මංමුලා කරන විවිධ ක්‍රියාදාමවලට නොරැවටෙන ලෙසත් සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ක්ෂේත්රයට මුල්තැන ලබා දෙන බවත් අධ්‍යාපනයට ආයෝජනය කිරීම යනු කාටවත් සොරා ගත නොහැකි දැවැන්ත මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කිරීම බවත් සෞඛ්‍ය හරහා පුරවැසියන්ගේ ආයුශ වර්ධනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආයු බොහෝ වේවා මහරජානෙනි නොව ආයු බොහෝ වේවා පුරවැසියානෙනි
කාලයක් අප රටේ ආයු බොහෝ වේවා මහරජාණෙනි කියූ බවත් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 225 දෙනා රටේ තාවකාලික බාරකරුවන් බවත් එය කාලයෙන් කාලයට අලුත් වීම හා ප්‍රතික්ෂේප වන බවත් එම නිසා සිදු විය යුත්තේ ඡන්දයෙන් පත්වන මැති ඇමති අගමැති හා ජනාධිපතිගේ ආයු බොහෝ වීම නොව පුරවැසියන්ගේ ආයු බොහෝ වීම බවත් අප රටට වැරදුනේ මෙතැන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ පාලකයා අපිට එකතු වෙන්න කියලා දරුවන් දෙකට බෙදනවා
අපේ රටේ ඇති ලොකුම සම්පත වන්නේ අපේ රටේ සිටින දූදරුවන් වුවත් වත්මන් රජය එම දරුවන් පවා දෙකට බෙදා දිවා ආහාරය ලබා දෙන බවත් රටේ පාලකයා කියන ආකාරයට අපි හැමෝම එකට එකතු විය යුතු වුවත් පාසල්වල දරුවන් දෙකට බෙදීමට පාලකයන් කටයුතු කර ඇති බවත් මෙය නින්දිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 238ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2667ක් වැය කර තිබේ.