අද වන විට විදුලි බිල දරා ගත දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්,මේ සම්බන්ධව සමාජය තුළ පීඩනයක් හට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විශේෂයෙන්ම ආගමික නායකයින් පිරිසක් තමන් මුණගැසුණු බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය බරපතළ බව ද පැවසීය.
රට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති නමුත්, විධිමත්ව සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රභවයන් මෙරට අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා ගත හැකි බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය.
එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ ආගමික නායකයින් ඇතුළු පිරිස් විවේචනය කිරීම බවද පැවසීය.
පවත්නා තත්වය යටතේ ජනතාවාදී, ජනතා කේන්ද්‍රිය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යා යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් අද සිදුව ඇත්තේ ලබා දිය හැකි සහනවත් ලබා නොදෙමින් ජනතාව මත බර පැටවීම බවය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.










