ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්නැයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානියකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉල්ලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
අදාළ පුද්ගලයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග පැවති Zoom සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇතැයි ද හෙතෙම පැවසීය.
එම සාකච්ඡාවට සහභාගි වූ පාකිස්තාන ක්‍රිකට් බලධාරියකු මේ සඳහා සාක්ෂි දරනු ඇති බවද හෙතෙම කියා සිටී.
මේ සම්බන්ධයෙන් සොයා බලා ගතහැකි යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.










