ආදාහන භූමදානය ගැන කතා කරන විට මෙරට දේශපාලන ඉතිහාසයේ රජයක් එක ජාතියක් එක ආගමක් ඉලක්ක කර ගෙන විශේෂඥ යැයි කණ්ඩායම් යොදා ගෙන තමන්ගේ ජාතිවාදී මතය මෙරට මුස්ලිම් හා ඉස්ලාම් ජනතාව මත පැටවීමේ නින්දිත ක්‍රියාවක නිරත වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය වැරදියි කියා කියද්දිත් විශේෂිත කමිටු දමා මෙරට මුස්ලිම් ජනතාව ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගෙන දඩයම් කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මුස්ලිම් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතිය පවා අහිමි කරමින් කටයුතු කිරීමක් වන මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නොබියව මෙරට විරුද්ධව මහපාරට බැස එවක ආණ්ඩුවේ මුර්ග ප්‍රතිපත්තිය පරාජය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
2019 ජනාධිපතිවරණයෙන් පසු ක්‍රියාත්මක වූ අන්ත ආගම්වාදී ජාතිවාදී මත යොදා ගෙන එක් ජාතියක් දඩයම් කරන්න වගකිව යුතු අය කවුද කියා පර්යේෂණ කරන ලෙස කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.