2020 නොවැම්බර් මස 27 වැනි දා 27 (2) ප්‍රශ්නයක් හරහා ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන් 6400කගේ රුපියල් බිලියන 11.6ක මුදල් හා රුපියල් බිලියන 5.5ක වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියත් එවක සිටි මුදල් ඇමතිවරයාගෙන් සාධනීය පිළිතුරක් නොලැබූ බවත් මේ වන විට ද ෆිනෑන්ස් ආයතනය ඈවර කිරීම සඳහා ඈවරකරුවකු පත්කර ඇති හෙයින් දූෂණයකින් වංචාවකින් තොරව කේන්රිච් ෆිනෑන්ස් ආයතනය ඈවර කළ පරිදි තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ මුදල් හා ගෙවිය යුතු පොලිය ලබා දීමට කටයුතු කරනවාද කියා විපක්ෂ නායකවරයා ඇසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ දී විෂය බාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කරමිනි.
එසේ නොමැතිව ද ෆිනෑන්ස් ආයතනය වෙනත් ආයතනයක් සමඟ ඒකාබද්ධ කර හෝ විදේශ ආයෝජකයකු සමඟ සම්බන්ධ කර හෝ එය නැවත ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරනවාද? නැතිනම් එම ආයතනය සම්පූර්ණයෙන් විකුණා එම මුදල් වංචාවකින් තොරව තැන්පත්කරුවන් වෙත ලබා දීමට කටයුතු කරනවාද? කියා විමසා සිටියේය.
Sajith Premadasa Minister of State for Finance ‘The Finance’










