රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.
මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතනයැයි කීමටවත් තමා පෙළඹෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ ආකාරයේ පුවතක් පසුගිය දිනෙක ‘ලංකාසර’ වෙබ් අඩවියේ පළ කොට තිබූ අතර පසුව අනෙකුත් වෙබ් අඩවිද එම පුවත වාර්තා කොට තිබිණ.
ලංකාසර පුවත වාර්තා කොට තිබූ අයුරු!











