ජනාධිපතිවරයා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු එක්වන බවට බංකොලොත් ආණ්ඩුව විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.Sri Lanka Latest News
එම නිවේදනය මගින් අවධාරණය කොට ඇත්තේ මෙම අසත්‍ය ප්‍රචාරයන්වලට නොරැවටෙන ලෙසත්, ආණඩුව සමග හෝ ආණ්ඩුවේ පාර්ශවයක් සමග කිසිදු ලෙසකින්වත් එකතු වීමට සජබය කටයුතු නොකරන බවත්ය.
ඒ සම්බන්ධයෙන් සජබය නිකුත් කළ නිවේදනය මෙසේය.
මෙන්න වී එෆ් එම් පුවත
මෙන්න C නිව්ස් පුවත
පෙරලියක් සූදානම්.. SJB ජාතික ආණ්ඩුවකට.. පොහොට්ටු පලුවක් විපක්‍ෂයට.. නාමල් විපක්‍ෂ නායක..
March 10, 2024 at 9:20 am | lanka C news
ලැබෙන අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එ් අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.
අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.
ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.
ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.