සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා,Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘නව වසරේ ධාර්මික පාලකයෝ රටේ බිහිවේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම වංචාවෙන් , දූෂණයෙන් තොර රට පාලනය කරන කණ්ඩායමක් බිහිවේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා.
පසුගිය වසරේ ඇතිවුණ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමේදී ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන පැහැදිලි භාවයක් නැහැ. ඒ වගේම ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ඊට සුදානම් වෙනවා වගේම ආපදා තත්ත්වයකින් පසු සුදානම් වීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. ආණ්ඩුවේ පෙර සුදානම නොමැතිවීම හේතුවෙන් විශාල ජිවිත සහ දේපළ ගණනක් රටට අහිමි වුණා. ආපදාවෙන් විපත පත් ජනතාවට සහන පැකේජයක් ලබාදෙන බවට ජනාධිපති අනුර දිසානායක මහතා පොරොන්දු වුණා. නමුත් එම සහන පැකේජ තවමත් බහුතරයක් ජනතාවට ලැබිලා නැහැ. ආපදාවෙන් විපත් පත් ජනතාවගේ තොරතුරු එකතු කරගන්නත් ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.
ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබෙනවා. මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටුවුණාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කරන බව ජාතික ජනබලවේගය පැවසුවත් තිබුණ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ගෙන යන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් දක්ෂිණාංශික ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තානම් රට විශාල දියුණුවෙන් දියුණුවට පත්වෙලා. ඒ වගේම රටේ ආර්ථික ප්‍රතිපත්තිය විනාශ වෙන්න ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ආර්ථික ප්රතිපත්තියත් බලපෑවා.
ඒ වගේම රටේ දෙවතාවක් කැරලි කෝලාහල ඇතිවුණා. ඒ කැරලි වලින් ජිවත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා. රජයේ දේශප විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වුණා. මේ විනාශයට වගකිවයුතු කණ්ඩායම රටේ බලය ලබාගෙන තිබෙනවා. ක්රමයේ වෙනසක් ඇති කරන බව පවසා බලය ලබා ගත් ඒ කණ්ඩායම පරණ ක්රමයේම ගමන් කරනවා.
ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය මර්දන කටයුත්තක නිරත වෙනවා. ආණ්ඩුවට මාධ්‍ය විවිධ තර්ජන එල්ල කරනවා. කෙසේ නමුත් ඉතිහාසයේ මාධ්‍ය මර්දනය කළ ආණ්ඩු සියල්ල කඩාගෙන වැටිලා තිබෙනවා. ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. මාධ්‍ය මර්දනයට සමගි ජනබලවේගය එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. කෙසේ නමුත් ආණ්ඩුව මාධ්‍යයට එල්ල කරන තර්ජන නතර නොකළහොත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය ජනතාව සමඟ පාරට බහින්න සුදානම්. ආණ්ඩුව ප්‍රකාශ කළ බොරු මාධ්‍ය මගින් ප්‍රචාරය කර මාධ්‍ය මර්දනය කර ගමනක් යන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. මාධ්‍ය ආයතනවලට විරුද්ධව පොලිසිය හරහා විදුලි සංදේශණ නියාමන කොමිසමට පැමිණිල කරනවා. ආණ්ඩුව නොසුදුසු වැඩක් සිදුකරන්නේ. ආණ්ඩුව නොහැකියාව වහාගන්න මාධ්‍ය ආයතන මර්දනය කරන්න ආණ්ඩුව සැරසෙනවා.
ඒ වගේම ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉටු කළාදැයි ප්‍රශ්නයක් තිබෙනවා. ජනතවාගේ ජිවන වියදම වැඩි නිසා වැට් බද්ද අඩු කරන බව ජාතික ජනබලවේග රජය ප්‍රකාශ කළා. නමුත් තවමත් එය සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. විදුලි බිල අඩුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා නමුත් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කළා. ලෝක වෙළදපලේ ඉන්ධන මිල අඩු වුණත් ආණ්ඩුව ඉන්ධන මිල අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න කටයතු කරලා නැහැ. ඒ වගේම ගොවින්ට තවමත් පොහොර සහනාධාරය ලබාදෙන්න රජය කටයුතු කරලා නැහැ. මැතිවරණ පොරොන්දු වලින් එකක්වත් ආණ්ඩුව ඉටුකරලා නැහැ.
ඒ වගේම සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. විශ්ව විද්‍යාල සිසුන් පාරට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණයි. කෙසේ නමුත් උපාධිධාරීන්ට රැකියා ලබාදීම බොරු පොරොන්දුවක් බවට පත්ව තිබෙනවා. උපාධිධාරීන්ට රැකියා දෙන්නේ තරඟ විභාග වලින් සමත්වුණොත් පමණක් බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රජයේ සේවකයා අන්ත අසරණ තත්ත්වයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළත් එය ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව බලයට ගෙන එන්න ගුරුවරු විශාල කැපවීමක් සිදුකළා. නමුත් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම දැන් කතා කරන්නෙත් ගුරුවරුයි.
ඒ වගේම රටේ නීතියේ සාධාරණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මතුගම නගර සභාවේ සභාපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කර තිබුණා. නමුත් නීතිඥයින්ට තර්ජනය කළ ජාතික ජනබලවේගයේ කඩුවෙල නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම සේවිකාවකට අයුතු යෝජනා ගෙන ආ බවට චෝදනා එල්ල වුණ ජාතික ජනබලවේගයේ මොරටුව නගරාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය වැටලිම්වලට යන පොලිස් නිලධාරීන්ගේ රැකියාව නැතිවන තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුව දෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දු. රටේ නීතිය සාධාරණය ක්‍රියාත්මක කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
රටට අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍ය කරනවා. ඒ වගේම අලුතින් ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මත ඉදිරිපත් කරන්න ගුරුවරුන්ට අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් ඒ අවස්ථාව ආණ්ඩුව නැති කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රටේ විරෝධයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව මෙවැනි දේවල් සිදුකරන්නද රටේ පාලනය ගත්තේ. මේ සම්බන්යෙන් මහානාහිමිවරුත් විරුද්ධ වී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර තිබෙන්නේ රටේ මතය විමසන්නේ නැතුවයි.
ඒ වගේම වංචාව දුෂණය නැති කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් රටේ ආයතනවල සිදුවන වංචා දුෂණ සොයා බලන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. නමුත් මාස 8 ක් විගණකාධිපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයා විගණකාධිපතිධුරය සඳහා පත් කරන්නයි ආණ්ඩුව සුදානම් වෙන්නේ. 2025 වසරේ රජයේ ආයතනවල සිදුවුණ ගනුදෙනු පිළිබඳව විගණනකාධිපති දෙපාර්තමෙන්තුව විගණනය කළ යුතුයි. නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ප්‍රධානියෙක් නැහැ. ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයා එම තනතුරේ පිහිටුවන්නත් ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. වංචාව දුෂණය නැති කරන්න පැමිණි පිරිස වංචාවට දුෂණයට ඉඩ ලබාදී තිබෙනවා. ඒ වගේම වංචා දුෂණ පනත ගෙන ඒමට කටයුතු කළෙත් යහපාලන රජය. ඒ වගේම රටේ වංචනිකයින් දුෂිතයින් නීතිය හමුවට ගෙන ඒමේදී ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වලට සමගි ජනබලවේගය රජයට උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දුෂණ වංචා චෝදනා සඳහා විශේෂ අධිකරණයක් ආණ්ඩුව පිටුවිය යුතුයි.
මේ වසර තීරණාත්මත වසරක්. ඒ නිසා ආණ්ඩුවේ තරම බලා ගැනීමට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වුණා. ඡන්ද ලක්ෂ 13 කින් ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න නිතියෙන් බාධාවක් තිබෙනවානම් ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න සමගි ජනබලවේගය සුදානම්. පළාත් සභා මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබාදෙයි.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් එකතු විය යුතුයි යන මතයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සිටිනවා. ඒ සඳහා වන සාකච්ඡාවල වගකිම සජිත් ප්‍රේමදාස මහතා ගෙන තිබෙනවා. ඒ සාකච්ඡා ඉදිරියට ගමන් කරනවා. ඒ අනුම එම සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙනවා. සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතුවීම සිදුවෙයි. ඒ වගේම පක්ෂ දෙක එකතුවෙලා සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් පුලුවන්. ඒ වගේම වැඩිම ජනතා කැමැත්ත තිබෙන්නේ විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිනතභාවයටත් වටිකාමක් දිය යුතුයි. කෙසේ නමුත් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම එකතු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් සමගි ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ගැනීමට හැකි වෙනවා.‘‘










