මේ දිනවල ඇතැම් පාර්ශ්ව ආගම් ඇදහීමට විරුද්ධව යම් යම් අදහස් ඉදිරිපත් කරන බවත් පිළිම වන්දනාව මෙන් ම ආගම් ඇදැහීම එපා යැයි කියමින් යන බවත් ලොව්තුරා බුදුන් වහන්සේ පිටදුන් බෝධිය නිකම්ම නිකම් ගහක් ලෙස හඳුන්වන බවත් මොවුන් කුමන අමනෝඥ කතා කිව්වත් මේ රටේ පුරවැසියන්ට ආගමික නිදහස මෙන් ම තමන් විශ්වාස කරන ආගමක් ධර්මයක් ඇදහීමට අනුගමනය කිරීමට මූලික අයිතිවාසිකමක් ලෙස නිදහස ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
කිසිම අයකුට තවත් ආගමකට ගරහන්න, ආගම් පහත් කොට කතා කරන්න මෙන් ම ආගම් ඇදහීම තහනම් කරන්න නොහැකි බවත් මෙවන් දුර්මත අප රට තුළ ව්‍යාප්ත කරන්න විවිධ ආගම් විරෝධී බලවේග ක්‍රියාත්මක වන මොහොතක සැබෑ බෞද්ධයන් හා දේශප්‍රේමීන් ලෙස අප පිළිපදින ආගම දහම ආරක්ෂා කිරීමට බැදී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය යටතේ මීරිගම මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ ඉදිවන භික්ෂු නේවාසිකාගාරය ප්‍රමුඛ සංඝාවාස ගොඩනැගිල්ල උදෙසා ලක්ෂ 22ක් වටිනා සිමෙන්ති කොට්ට 1000ක් පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට බුද්ධ ශාසනයට ලබා දී ඇති ස්ථානය එයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට මෙම වැඩසටහන ආරම්භ කළ බවත් මේ ශාසනය සුරක්ෂිත වන ආකාරයට සියලුම ආගමික සංවර්ධිත කටයුතු ක්‍රියාත්මක කිරීම බෞද්ධයන් ලෙස සියලු දෙනාගේම පරම වගකීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම මේ වසර අවසන් වන්නට පෙර රට පුරා පිහිටා තිබෙන ශාසනාරක්ෂක බල මණ්ඩල 327 කේන්ද්‍ර කර ගත් පන්සල් 14108ක් දහම්පාසල් 10347ක් සුරක්ෂිත වන ආකාරයේ ඒ ඒ ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගත් සමාජ සංවර්ධන වැඩපිලිවෙළක් මෙන්ම ආගමික වැඩපිළිවෙළක් තිරසරව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
තවද සුහුරු අධ්‍යාපනය හා නවීන තාක්ෂණය ආගමික පරිසරයක් තුළ ක්‍රියාත්මක වීම අති වැදගත් බවත් ආගමික පරිසරයක් තුළ මේ කාර්ය ඉටු කිරිමට හැම මොහොතකම කටයුතු කළ යුතු නිසා රටේ පන්සල් 14108ම ආගමික, සමාජීය සංවර්ධන සැලසුම් මෙන්ම දහම් පාසල් කේන්ද්‍ර කර ගෙන සුහුරු අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ගමේ පාසල තුළ පමණක් නොව විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් අවශ්‍යයි
සැබවින්ම බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන සැබෑ බෞද්ධයන් ගමේ නගරයේ පන්සල ආරක්ෂා කර එහි දියුණුව හා අභිවෘද්ධිය උදෙසා කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කරන ලෙසත් බොහෝ දිස්ත්‍රික්කවල සමහර විහාරස්ථාන වල්බිහි වී වැසී ගොස් ඇති බවත් සමහර දායකසභාවලට විහාරස්ථාන නඩත්තු කරන්න ප්‍රතිපාදන නොමැති වීම නිසා අපහසුතා රැසකට මුහුණ දී ඇති නිසා සියලුම විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි බිල ජල බිල ගෙවාගත නොහැකිව ඒවා විසන්දි කිරීම් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන බවත් මිහින්තලා පුදබිමේ බෞද්ධ රටේත් විදුලිය විසන්ධි වූ බවත් එවැනි තත්ත්වයක් අනාගතයේදී නිර්මාණය නොවීමට විහාරස්ථාන පද්ධතියට සූර්ය බල පද්ධති ලබා දීම අත්‍යාවශය වන බවත් ඒ තුළින් තිරසර ලෙස පන්සල් පද්ධතිය සුරක්ෂා වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ජන්ම දිනය නිමිති කොටගෙන මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.