රණවිරුවන්ට අදාළ නීති කෙටුම්පත් අලුත් වී නවීකරණය විය යුතු බවත් එසේ නවිකරණය විය යුත්තේ රණවිරුවන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට බවත් සමගි ජන බලවේගය බලයට පත්වී පැය 48ක් තුළ රණවිරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් ඒ තුළින් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්රය, විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන් මුහුණ දෙන ගැටලුවලට තිරසර විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රණවිරු අධිකාරිය විසින් ඉටු කරන සේවාව තවත් පුළුල් හා ව්‍යාප්ත කරමින් එය ඇමෙරිකාවේ වෙට්රන්ස් දෙපාර්තමේන්තුව මෙන් ඔවුන්ගේ ආර්ථික සමාජීය සුබසාධන අයිතිය සුරක්ෂා කිරීමට කැපවෙන බවත් ඔවුන්ට වෙන් වූ සුබසාධන බැංකු ක්‍රමයක් ඇති කර රජයට බරක් නොවි විවිධ දානපතියන්ගේ ආධාර උපකාර ලබා ගෙන එය ක්‍රියාත්මක කරන බවත් මේ ප්රතිලාභ ආරක්ෂක අංශයට සම්බන්ධ සෑම කෙනෙකුටම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම රණවිරුවන්ගේ අදහස්වලින් පෝෂිත වූ රණවිරු සුරක්ෂිතභාවය තහවුරු කරන ප්‍රතිපත්ති මාලාවකට යොමුවිමට කටයුතු කරන බවත් එය පහළින් ඉහළට ගලා එන අදහස් යෝජනා මත නිර්මාණය වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රණවිරුවන්ට අභිමානවත් ජන ජීවිතයක් ලබා දීමට කැපවෙන බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (19) මහනුවර දිස්ත්‍රික් සමගි රණවිරු සමුළුව අමතමිනි.
තව ද රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් තාක්ෂණ විශ්වවිද්‍යාල හරහා වැඩිදුර අධ්‍යාපන අයිතිය ලබා දීමටත් සෑම රණවිරුවකුටම ගෞරවනීය පිළිගැනීමක් ලබා දීමේ නව ක්‍රමවේද නිර්මාණය කර අමතර ශක්තියක් ලබා දෙන බවත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් ලබා ගත් යුද ජය අමතක කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සඳහා දායකත්වය ලබා දුන් රණවිරුවන් ආරක්ෂා කිරීම අපගේ වගකීම බව යි.
රණවිරු ජීවිත එක්ක රජයට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ
යුද්ධයෙන් පසු සමහර දේශ හිතෛශී නායකයන් රණවිරුවන්ගෙන් කොටසක් ගෙදර යවන්න සූදානම් බවත් එසේ ගෙදර යවනවා නම් ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවත් රජයට රණවිරු ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කඩවුණු පොරොන්දු දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනඥයන් පිරිහී ඇති නමුත් සමගි ජන බලවේගය ඉදිරිපත් කරන මේ රණවිරු ප්රඥප්තිය ඉටු කරන බවට ලෙයින් අත්සන් කර සහතික කර දෙන බවත් රට දැය වෙනුවෙන් රණවිරුවන් ඉදිරිපත් කළ සේවාව නිසා ඔවුන් දේවත්වයෙන් සැලකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ ම පාසල් 48කට සුහුරු පන්ති කාමර 48ක් රජයේ පාසල් 80කට බස් රථ 80ක් සහ රජයේ රෝහල් 56කට ඖෂධ සහ රෝහල් උපකරණ ලබා දී ඇති බවත් මේ සඳහා ලක්ෂ 6000කට ආසන්න මුදලක් වැය වී ඇති බවත් කිසිදු විපක්ෂයක් නොකළ දෙයක් සමගි ජන බලවේගය ඉටු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණවිරුවන් වෙනුවෙන් සුබසාධන අරමුදලට විපක්ෂ නායකවරයාගෙන් ලක්ෂ 10ක්
එසේම රණවිරු සුබසාධන අරමුදල් වැඩපිළිවෙළක් තමා විසින් රුපියල් ලක්ෂ 10ක් මුදලක් පරිත්‍යාග කර ආරම්භ කරන බවත් එය රට පුරා ව්‍යාප්ත කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
බලයක් නොමැතිවම හොරු අල්ලලා පෙන්නුවා
එසේම විපක්ෂයේ සිට බලයක් නොමැතිව පවා හොරු ඇල්ලීමේ කාර්යයේ සමගි ජන බලවේගය නිරත වූ බවත් එහි දී රට බංකොලොත් කළ හොර නඩයට විරුද්ධව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා රට බංකොලොත් කළ ආර්ථිකය විනාශ කළ පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අනාවරණය කර ගත හැකි වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.
මෙම ආර්ථික ඝාතකයන්ගේ පෞද්ගලික මුදලින් ජන ජීවිත, මිනිස් ජිවිත, ව්‍යාපාර අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා ගැනීමේ හැකියාව මේ නඩු තීන්දුව තුළින් නිර්මාණය වූ බවත් ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමින් නීති මණ්ඩල ඇති කර නොමිලේ නීති සහාය ලබා දි මෙම වන්දි ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
තමාට දේශපාලන සංදර්ශන සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් තමා ජනතාව වෙනුවෙන් සැබෑ ලෙසම සේවය කරන නමුත් ඇතැම් විකල්ප යැයි කියා ගන්නා පක්ෂ කැට හොල්ලා මුදල් එකතු කර ලෝකේ වටේ සවාරි ගිහින් හොරු අල්ලන්න බලය ලබා දෙන්න යැයි යාදින කොට සමගි ජන බලවේගය සුපිරිසුදු අධිකරණය හරහා මේ වන විටත් හොරු ඇල්ලීමේ කාර්යයේ නිරත වී ඇති බවත් පැවසීය.
ක්‍රිකට් හොරුත් අපි හෙළිදරව් කළා
ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ක්‍රිකට් තහනමට හේතු වූයේ අපේම රටේ ක්‍රිකට් පරිපාලනය බවත් ක්‍රිකට් පරිපාලනයේ සභාපතිවරයා විසින් ලියුම් යවමින් සිදු කළ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හරහා එම තහනම ලැබූ බවත් රට බංකොලොත් කළ හොරු ඇල්ලුවා සේ ක්‍රිකට් විනාශ කළ පුද්ගලයන් ද නිතිය හමුවට ගෙන ඒමේ සටන සදහා නායකත්වය ලබා දෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.





























