අනුර කුමාර දිසානායක මහතා සමග ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් විවාද කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවට වූ ලිපිය අද හෝ හෙට දිනය ඇතුළත ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත යැවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව නලින් බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව එම ලිපිය ජවිපෙ මහලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතව ඇති බව පැවසේ.
ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ජවිපෙ ආර්ථික කවුන්සිලය වෙත විවාද කිරීමට මුලින්ම අභියෝගය ඉදිරිපත් කළේ සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාය.
පසුව ඊට පිළිතුරු ලබා දෙමින් සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ මෙය ජනාධිපතිවරණයක් බැවින් අනුර-සජිත් විවාදයක් පවත්වමු යැයි කියාය.
ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මොහොතේම එකගතාව පළ කර තිබිණ.
ඒ අනුව ඊයේ දිනයේදී නලින්ද ජයතිස්ස මහතා දින 4ක් දක්වමින් එ දිනවල විවාදය පැවැත්විය හැති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හට ලිපියකින් දැනුම් දී තිබිණ.