පාර්ලිමේන්තුවේ කාර්යභාරය කාරයක්ෂමතාම තහවුරු කිරීමට කැපවීමෙන් කටයුතු කරන හොඳ නිලධාරීන් මණ්ඩලයක් සිටින බවත් ජෝසෆ් මයිකල් පෙරේරා මහතාගේ කාලයේ සිට ඔවුන්ට හිමි ඉතිරි විවේක වෙනුවෙන් ලබා දෙන දීමනා වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරන්න අනුමැතිය ලබා දී ඇති නිසා එම තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය කතානායකවරයාට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේ නිලධාරින් වෙනුවෙන් මෑතකදී සුබවාදී තීන්දු තීරණ ගත් බැවින් එදා ගත් තීන්දුව ද ක්‍රියාත්මක කරන ලෙසත් 21 වසරක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ ඉතිරි නිවාඩු වෙනුවෙන් ලබා දිය යුතු දීමනා වැඩසටහන ක්‍රියාත්මක කරන්න එකග වී ඇති නිසා නව වසරේ සිට එය ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










