විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තව සුළු මොහොතකින් සජීවීව සියත නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතය. Sri Lanka Latest News
මේ වනවිට මරදානේ පැවැත්වෙන අවසන් රැලියෙන් පසු විපක්ෂනායකවරයා මෙම සජීවී වැඩසටහනට එක්වීමට නියමිතව ඇත.
කෙසේවෙතත් ඊයේ දින දෙරණ නාලිකාව ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් කියා සිටියේ විපක්ෂනායකවරයා දෙරණ 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව සිටි බවත්, අවසන් මොහොතේ එම සාකච්ඡාවට නොපැමිණි බවත්ය.
නමුත් පසුව තිස්ස අත්තනායක මහතා කියා සිටියේ විපක්ෂනායකවරයා දෙරණෙන් කළ ආරාධනාව පිළිගෙන නොතිබූ බවත්, දෙරණ ඒකපාර්ශ්විකව විපක්ෂනායකවරයා අපහසුතාවයට පත් කිරීමට ප්‍රචාරයක් ගෙන යන බවත්ය.