කොරෝනා නවතම ප්‍රභේදය වූ ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුලුවෙන මඟ ඇහිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සදහා විශේෂඥ උපදෙස්වලට ඉඩ දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් එම ප්‍රභේදය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සියලුම රටවල්වලින් ඉල්ලීමක් කර ඇති බවත් විපක්ෂනායකවරයා කීය.









