• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ඉතිහාසය පුරා ඒ අය නිර්ධන පන්තිය නියෝජනය කරන බවත් රට විනාශ කළේ ධනපති පන්තිය යැයි පැවසූ නමුත් මේ වන විට ධනපති යැයි කියපු ආණ්ඩු ජනතාවගේ පැත්තෙන් හොඳට කළ දේවල්වත් මේ අයට අද කර ගන්න බැරිව කෙදිරි ගාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ධනපති යැයි කියන ආණ්ඩුව සාධාරණ මිලකට හාල් ලබා දෙන විට නිර්ධන පන්තිය නියෝජනය කරනවා යැයි කියන මාලිමාව හාල් ලබා දෙන්නේ රු.100ක් වැඩියෙන් බවත් රට විනාශ කළා යැයි කියන ආණ්ඩු සාධාරණ මිලට පොල් දෙනකොට නිර්ධන පන්තිය නියෝජනය කරනවායැයි කියන මාලිමාව අද පොල් දෙන්නෙත් රු.100ක් විතර වැඩියෙන් බවත් මේ අය නිර්ධන පන්තියට අමුතු සේවාවක් කරන බවත් ධනපති යැයි කියන කණ්ඩායම් කලට වේලාවට පොහොර සහනාධාරය දෙන විට මේ අය පොහොර සහනාධාරය සදහා අරමුදල් ලබා දෙන්නේ වගා කටයුතු අවසන් කිරීමෙන් පසුව බවත් මේ අයට කලට වේලාවට පොහොර ටිකවත් දී ගන්න බැරිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරින් දහදහස් ගණනින් මේ රජය බිහි කරන්න සහයෝගය ලබා දුන්නත් අද වන විට මේ අයට රැකියා විරහිත උපාධිධාරීන් පවා අනාථ කර ඇති බවත් රැකියා ලබා නොදි සාමකාමී උද්ඝෝෂණයේ නිරත උපාධිධාරින්ට කදුලු ගෑස්, බැටන් ප්‍රහාර හා රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර උද්ඝෝෂණ භුමියේ සිට රෝහලට උපාධිධාරීන් යවා ඇති බවත් නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නගා බලයට පැමිණියායැයි කියන මාලිමාව අද සාමාන්‍ය ජනතාව පොදු ජනතාව අමතක කර ධනවාදය කොපි කරමින් නිර්ධන පන්තිය අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

මේ රජය පළමු මාස දෙකේදී ජනතාව රැවටූ බවත් එම නිසා ජනතාව මාස 6ක් යන විට බොරුව මුසාව මුලාව ඇන්දවීම හොදට තේරුම් ගෙන ඇති බවත් මේ ආකාරයට වසරක් විතර යන විට ජනතාවට සැබෑ සත්‍ය යථාර්ථය අවබෝධ වන බවත් සත්‍ය කොච්චර අමිහිරි වුවත් ඒ ඇත්ත වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය නැගී සිටින බවත් රටේ ජනතාව රැකගන්න ආරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොදුජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදය උදා වෙලා

මේ වන විට අමුතුම මාදිලියේ පාතාලයක් නිර්මාණය කරන්න වත්මන් රජය කටයුතු කර ඇති බවත් පාතාලයේ මුල් බීජය නාදුනන තුවක්කුකරුවන් පැහැර ගැනීමේ සංස්කෘතිය මිනිමැරීමේ සංස්කෘතිය අභිරහස් ලෙස රැගෙන යාමේ සංස්කෘතිය රටට හදුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ව්‍යාපාරය බවත් මොවුන් ජඩකම මැරකම පිස්තෝල සංස්කෘතිය තුවක්කු දේශපාලන රටට හදුන්වා දුන් බවත් එය රටේ ජනතාව අමතක නොකළ යුතු බවත් පොදුජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපේ ප්‍රතිපත්තිය මැද මාවතයි

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ අන්ත ධනවාදී අන්ත සමාජවාදී ප්‍රතිපත්තියෙන් බැහැර වූ මානුෂිය ධනවාදය කේන්ද්‍ර කර ගත් මැද මාවතේ ගමන් කිරිම බවත් කුප්‍රකට ගජමිතුරු ධනවාදි ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කර සමාජ සාධාරණත්වය යුක්තිය හා සාධාරණත්වය තුළින් ධනය බෙදා දීම බවත් සමාජවාදී ක්‍රමයට රටක් ගොඩනැගිය නොහැකි බවත් කොමියුනිස්ට් කියන චීනය හා රුසියාව පවා ක්‍රියාත්මක කරන්නේ ධනවාදය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය රජය දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයේ දී විශාල බරක් පීඩනයක් එල්ල කළේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට බවත් ඔවුන් බැංකු පද්ධතිය සහ කෝටි ප්‍රකෝටිපතියන් ඉවත් කර වැඩ කරන ජනතාවට බලපෑම් කරන විට සමගි ජන බලවේගය එයට විරුද්ධ වූ බවත් මේ ලුම්පන් ධනවාදයට විරුද්ධ වූ බවත් රටේ ආර්ථික ප්‍රශ්න විසදන්න පුළුවන් රාජ්‍ය මැදිහත් වීමෙන් පමණක් යැයි සමාජ වාදය විශ්වාස කළත් එය බොරුවක් බවත් උතුරු කොරියාවක් කියුබාවක් වෙන්න නම් ඒ ක්‍රමය හරහා බවත් සිංගප්පූරුව වැනි රටක් බවට පත් වන්නට නම් මේ ක්‍රමය සුදුසු නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ප්‍රංශ-පලස්තීන-නේපාල අලුත් තානාපතිවරු අනුර හමුවී අක්තපත්‍ර බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දෙයියො නැති දේවාලෙ යක්කු පිනුම් ගහනවලු! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.