පේරාදෙණිය රෝහලේ නිර්වින්ධන ඖෂධ විෂ වීම හේතුවෙන් මිය ගිය දරුවන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. Sri Lanka Latest News
මීට පෙරත් නිර්වින්ධන ඖෂධ විෂ වීම නිසා දරුවන් දෙදෙනෙක් මිය ගිය අවස්ථාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම විෂ සහිත එන්නත් ඉවත් කරන ලෙස පැවසුවත් මෙම මරණයත් සමඟ එම එන්නත් තවමත් භාවිතයට ගන්නා බවට සාධාරණ සැකයක් මතු වන හෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.