රිය අනතුරු ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් නීතිරීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩිකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. (Sri Lanka Latest News)
ඒ, වේයන්ගොඩ පෞද්ගලික රියැදුරු පාසලක නිරීක්ෂණයකට එක්වෙමින්.
‘දැනට සිදුවන පරීක්ෂණවලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරලා රියැදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම මැන බැලීමේ ක්‍රමවේදයක් සකස් කරන්න තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ. විශේෂයෙන් තවදුරටත් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුවෙලා තිබෙනවා. දඬුවම් වැඩිකිරීම පිළිබඳවත් අවධානය යොමුකරලා තිබෙනවා’ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
A5 News Sri Lanka










