• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රජා අයිතිය අහෝසි කරනු! ජනතාවට වන්දි ලබා දෙනු!’ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන ගිය පාර්ලිමේන්තු සටන සජිත් මහපාරට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
‘ප්‍රජා අයිතිය අහෝසි කරනු! ජනතාවට වන්දි ලබා දෙනු!’ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන ගිය පාර්ලිමේන්තු සටන සජිත් මහපාරට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අද (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ‘යුක්තිය වෙනුවෙන් ජනමතය’ අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ විය.Sri Lanka Latest News

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් 3 දෙනෙකු සමගි නීතිඥ කණ්ඩායමේ උපුල් ජයසූරිය ජනාධිපති නිතිඥතුමා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් සමඟ ඉතාමත්ම වැදගත් නඩු කටයුත්තකට මීට පෙර දවසක ප්‍රවේශ වූ බවත් එය අභියෝගාත්මක බැරෑරුම් ක්‍රියාදාමයක් වුවත් එමඟින් රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව යි.

එසේ ම මේ රටේ අක්‍රමවත් අකාර්යක්ෂම දුර්වල හා දූෂිත ආර්ථික කළමනාකරණය තුළ රට බංකොළොත් වීම හා එම බංකොළොත්භාවය තුලින් මූලික අයිතිවාසිකම් කඩවීම යන මාතෘකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය 4න් 1ක තීන්දුවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ දෙදෙනකු හැර සෙසු අය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම තීන්දුව තුළ මුදලට ගිජු නොවූ පක්ෂයක් සහ සන්ධානයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් මේ අවස්ථාවේ දී වන්දි ලබා නොගෙන මැදමූලන දූෂිත කල්ලිය විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත් වීමත් සමඟ ජන ජීවිත කඩා වැටුණු ලක්ෂ 220ක් වූ ජනතාවත් ව්‍යාපාරිකයන්ටත් තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව උදා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මෙම අත්සන් මාලාව තුළ විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ඒ හරහා රටේ උත්තරීතර නීතියට අනුව රටේ ලක්ෂ 220කගේම මුලික අයිතිවාසිකම් කඩ කළ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ජනාධිපතිවරයාට බලකිරීමක් සිදුවන බවත් නැවතත් ඔවුන්ට ඡන්දෙට ඉදිරිපත් විම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ අයිතිය ද අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගමක් නගරයක් පාසා ගොස් දශලක්ෂ ගණනින් අත්සන් ලබා ගෙන මේ හරහා ජනාධිපතිවරයා තවදුරටත් රාජපක්ෂ සෙවනේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා සහ වහලා නොවී ජනතාවගේ ආරක්ෂයා විය යුතු බවට බලකිරීමක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව මහපාරට බැස මේ සඳහා අත්සන් කරමින් ‘රාජපක්ෂවරු ආරක්ෂා නොකර ඔවුන්ගේ ප්‍රජා අයිතිය නීත්‍යානූකුලව අහෝසි කරන ලෙසට’ ජනාධිපතිවරයාට බලකරන ලෙස යි.

එසේම රට බංකොළොත් වීම හරහා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ස්ථාපිත කරන බවත් ඊට අමතරව හොරා කාපු අරමුදල් නැවත රටට ගෙන විත් එම පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් දේශපාලන ඩීල් නැතිව හොරු අල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජනප්‍රවාදවලින් පුරාවෘත්තවලින් පෝෂණය වුණු යාන්ඔය I Sri Lanka Latest News

Next Post

ඊයේ ජනාධිපතියි විපක්ෂනායකයි පාර්ලිමේන්තුවේදී සිංහල භාෂාවෙන් උණුසුම් වාදයක පැටලුණා! අද ඉංග්‍රීසි භාෂාවෙන් දෙදෙනාගේ සටන බලන්න! අන්තිමට ජනාධිපති කතාව නවත්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.