රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර පූජා භූමියේ සංවර්ධන කටයුතු නිරීක්ෂන චාරිකාවක් සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්ව තිබෙනවා. ඒ ඊයේ (23) දිනයේ යි.
එහිදී කතරගම නගරයට අඩුවක්ව ඇති ක්‍රමවත්ව රථ වාහන නැවතීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳවත්,කතරගම බස් නැවතුම පිළිබඳව සහ පූජා භූමියේ,ක්‍රමවත් බව වැඩි කිරීමට කළ හැකි දෑ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බවයි පැවසෙන්නේ. ඒ සමඟම දැනට සිදු කරනු ලබන කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස්ද ඔහු විසින් ලබාදුන් බව සඳහන් වෙනවා.












