• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි බිල උහුලගන්න බැරි විදිහට වැඩි කළාට අපි විරුද්ධයි! උහුලගන්න බැරි විදිහට බදු ගැහුවට අපි විරුද්ධයි! පොහොට්ටුවේ උන්ට කොන්ද පණ නැති වුණාට අපේ කොන්ද පණ තියෙනවා! ගිය ඡන්දෙදි ජනාධිපතිතුමා පරාදයි! මං දිනුම්! එතුමට වඩා මම ඡන්ද ගත්තා! පොහොට්ටුවටයි ජනාධිපතිටයි එකට තියලා ප්‍රහාරයක්! VIDEO

April 24, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අලියාගෙන් අයින්‌ වෙලා දුරකතනය හදපු හැටි! සජිත්ව අපේක්ෂකයා කරපු හැටි! ගෝඨාභයට තිබ්බ බය නැති කරපු හැටි! මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිය හැටි! හරීන් කියපු කතාවලට මරික්කාර් වීඩියෝත් එළියට දමමින් උත්තර දෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා චණ්ඩිකමින් ආණ්ඩු කිරීමට සූදානම් වන බවත්, ජනාධිපතිවරයාට අවම තරමින් පාර්ලිමේන්තු ඡන්දයවත් දිනා පාර්ලිමේන්තුවට පැමිණීමට ‌නොහැකි වූ බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේද කීය.

වර්තමාන රජය හිතාගෙන ඉන්නවා චණ්ඩිපාට් වලින් මිනිස්සුන්ට තද දාලා බය කරලා රට පාලනය කරන්න පුලුවන් මිනිස්සු බය වෙයි කියලා. උදාහරණයක් විදියට ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තග දානවා දේපළ පවරා ගන්නවා කියලා එහෙම කොහොමද කරන්නේ එතකොට කොහේද ප්‍රජාතන්ත්‍රවාදය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සහ ගුරුවරුන්ගේ සේවයට ප්‍රශ්න පත්‍රය ඇගයීම අනිවාර්ය සේවාවක් බවට පත් කරලා ගැසට් එකක් ගහනවා නම් ඒක වෙනම කතාවක්. හැබැයි දේපල පවර ගන්නවා කියලා තර්ජනය කරන්න බැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන මගේ පෞද්ගලික මතය විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ඉගෙන ගෙන තියෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් ජනතාවගේ බදු මුදල්වලින් එහිදී ඔවුන්ටත් වගකීමක් තියෙනවා දරුවන්ගේ අනාගතය බිල්ලට නොගෙන ඉන්න.ඒ වගේම ආණ්ඩුව හෙන ගහනවා වගේ බලෙන් බදු ගහලා වෘත්තිකයෝ රට අතහැරල යන්නේ නැතුව රටේ ඉතුරු වෙලා ඉන්න වෘත්තිකයන් ටත් ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් වෙනකොට යම්කිසි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්න ඕන. ඒකෙදි ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා කරන්න පුළුවන් විසඳුම් ටික ලබාදීලා ප්‍රශ්නය විසඳනවා විනා ඒ වෙනුවට ලබන සතියේ තීන්දුවක් ගන්න ඕනේ නැත්තම් හදිසි නීතිය යටතේ නීතියක් ගෙනල්ලා දේපල පවර ගන්නවා ඒ චණ්ඩි පාට් වලට ඉඩ දෙන්න බැහැ.

තව පැත්තකින් කියනවා අපි පාර්ලිමේන්තුවට මේ පනත දානවා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම් කරනවා කවුද ඡන්දේ දෙන්නේ කවුද නොදෙන්නේ බලමු කියනවා. එහෙම කියන්න කවුද එයා, ඡන්දෙකින් දිනපු මන්ත්‍රී කෙනෙක් වත් ඡන්දෙකින් ආපු ජනාධිපති කෙනෙක් වත් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ චන්ද විසි නම දාහක් ලැබුණේ නැහැ මම අරගෙන තියෙනවා ඊට වැඩිය. මේ මහජනතාවගේ ඡන්දයෙන් ආපු නැති කෙනෙක් මහ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රී ලට පාට් එකක් දානවා .උදාහරණයක් විදියට අපි අයි එම් එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට දානවා එතකොට නමින් ඡන්දය විමසලා කවුද දෙන්නේ කවුද නොදන්නේ බලමු කියනවා එයා කිව්වට අපි ඡන්දය දෙන්නේ නැහැ. එයා පැරදිලා මන්ත්‍රී කමක් නැතුව ගෙදර ඉන්නකොට තමයි අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගජ මිතුරන්ට දොලපිදේනි දීලා බදු ආදායම අඩු කර ගත්තම ණය ගෙවීමේ හැකියාව හීන වෙලා තියෙනවා ඒ නිසා අයි එම් එෆ් යන්න ගිහින් ණය ප්‍රතිව්‍යුයුහගත කිරීම් සම්බන්ධව සාකච්ඡා කරන්න කියලා අපි කිව්වේ 2020 අගෝස්තු මාසයේ ඡන්දය ඉවර වෙච්ච ගමන්.එතකොට වර්තමාන ජනාධිපති ඡන්දයෙන් පැරදිලා ගෙදර හිටියේ මම ඒ ඡන්දයේදී පාර්ලිමේන්තුවට ආවේ ඡන්ද අනූ හත්දාහක් අරගෙන ඒ නිසා අපි ඒ කියපු වෙලාවේ ගියානම් මේ වගේ දරුණු කොන්දේසිවලට එකඟ වෙන්න ඕන නැහැ. දරුණු කොන්දේසි මොනවද කියලා කවුරුහරි ඇහුවොත් අයි එම් එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මට ජනාධිපති කාර්යාලයේ කිචන් කැබිනට් එකේ කට්ටිය සාකච්ඡා කරලා ඒගොල්ලෝ පත්‍රිකා හදලා ගිවිසුම් ගහල අපිට එවනවා මේකට අත උස්සන්න කියලා .අපි පඹයෝ ද? පොහොට්ටුවේ උන්ට කොන්ද පණ නැති වුණාට අපිට කොන්දක් තියෙනවා ඒ නිසා හොර රහසේ සාකච්ඡා කරලා හොර රහසේ ගිවිසුම් ගත කර වැඩි කරපු විදුලි බිලට අපි විරුද්ධයි. ඒ වගේම මේ ගහලා තියෙන බදු ප්‍රතිශතය වැඩියි ඒකට අපි විරුද්ධයි. ඒ නිසා අපට සහයෝගය දෙන්න බැහැ අයි එම් එෆ් යා යුතුයි හැබැයි ඒකට එකඟ වෙන්න ඕන අපේ රටේ මිනිස්සුන්ට දරාගන්න පුළුවන් දේවල්.

දැන් බදු ගහන එකයි විකුණන එකයි තමයි මේගොල්ලෝ අයි එම් එෆ් එකත් එක්ක එකඟ වෙලා තියෙන්නේ. අපි කියන්නේ ඒක වැරදියි. මුලදිම සාකච්ඡා කරත් දැන් සාකච්ඡා කරත් අලුත් ආදායම් මාර්ග වැඩි කරලා අලුත් වෙළඳපොලට ඇතුළු වෙලා අපි නිතරම කියනවා තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ, medical tourism, education tourism, wildlife වැනි දේවල් වලින් ආදායම් වැඩි කර ගත්තම අපට ගෙවීමේ හැකියාවක් පෙන්නන්න පුළුවන්. එතකොට අයි එම් එෆ් එක එන්නේ නැහැ මෙච්චර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරන්න, මෙච්චර ප්‍රමාණයකින් බදු ප්‍රතිශතය වැඩි කරන්න කියන්න.ඒ එකක් වත් නොකර මේ ගොල්ලෝ ජනතාව තලන විදිහට අයි එම් එෆ් එක පෙන්නලා බදු ගහන්නයි විදුලි බිල වැඩි කරන්නයි ඒවට අපි අත උස්සන්නේ නැහැ අපි එකට බය වෙන්නෙත් නැහැ. ඒ නිසා නමින්, අතින් බැරිනම් ඇහෙන් හරි ඡන්ද විමසීම කරන්න අපිට ඕන නම් විතරයි අපි ඡන්දය දෙන්නේ. අපි නියෝජනය කරන්නේ ජනතාවගේ මතය අපි ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු පිං මන්ත්‍රීකම්, පිං ජනාධිපතිකම් අරගෙන නැහැ ඒ නිසා ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට සාපේක්ෂව තමයි අපි ගන්න තීරණ ගන්නේ ඒ නිසා චණ්ඩි පාට් වලට අපි බය නෑ කියලා කියනවා.

ඊළඟ චන්ඩි පාට් එක ප්‍රතිත්‍රස්ත පනත. ඔච්චර මහ ලොකු පොරවල් නම් ජනතාවගේ ප්‍රසාදය තියෙනවා නම් ඇයි බය වෙන්නේ. ජනතාවගේ කතා කිරීමේ නිදහස, තොරතුරු වාර්තා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ අයිතිය තහවුරු කරන්න. ඒ නිසා තමයි මීට පෙර දවසකත් කිව්වේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වික්‍රමසිංහ උන්නැහේ මිය ගිහිල්ලා දැන් ඉන්නේ හිට්ලර් වික්‍රමසිංහ ඒ නිසා මේ ප්‍රතිත්‍රස්ත පනත අපි පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. පොහොට්ටුවේ ත්‍රාඩයෝ ටික එකතුවෙලා ඡන්දෙ දුන්නොත් තමයි ඕකට අනාගතය තියෙන්නේ හේතුව අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනවා, මාධ්‍ය නිදහස විශ්වාස කරනවා,නීතියේ ආධිපත්‍ය විශ්වාස කරන අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේම රැස්වීමේ අයිතිය, භාෂණයේ නිදහස විශ්වාස කරන අපි අනිවාර්යෙන්ම ඔය පනතට විරුද්ධව ඡන්දය දෙනවා. ඒ වගේම මෙතන මාධ්‍ය නාලිකා තියෙනවා සමහර නාලිකා අපිව පෙන්වන්නේ නැහැ .මම රටේ ප්‍රධාන විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නමුත් සමහර නාලිකා ඒ ගොල්ලොන්ට විරුද්ධව කතා කරා කියලා දන්නේ නැහැ ඔන්න ඒගොල්ලන්ගේ මාධ්‍ය නිදහස. හැබැයි ඒ ගොල්ලෝ එහෙම කරත් ඒ ගොල්ලන්ගේ අයිති වෙනුවෙන් අපි පෙනී සිටිනවා ඒ මාධ්‍ය ආයතන වල අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා මම ප්‍රධාන විපක්ෂයේ නිල මාධ්‍ය ප්‍රකාශක එතකොට පක්ෂයේ මතය ප්‍රකාශ කරන්නේ ඒක පෙන්වන්නේ නැහැ මොකද හේතුව ඒගොල්ලන්ගෙ එක එක බිස්නස් හෙළිකරලා විවේචනය කරයි කියලා නමුත් ප්‍රශ්නයක් නැහැ ඒක ඒගොල්ලන්ගේ භාවිතාව හැබැයි ඒගොල්ලන්ට අපිව පරද්දන්න බැහැ ඒ ගොල්ල මේ රට ඇතුළේ හදපු ජාතිවාදය නිසාම අපි හැමදාම ජයග්‍රහණය කරනවා ඒක වෙනම කතාවක් නමුත් ඒගොල්ලොන්ට අසාධාරණයක් වෙන ප්‍රතිත්‍රස්ත පනත අපි පරාජයට පත් කරනවා මාධ්‍ය ආයතන වල නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුලුවන්නම් කොන්දක් තියෙනවා නම් දාන්න.ඒ නිසා අපි එක එක් කෙනාගේ චණ්ඩි පාට් වලට බයත් නැහැ විවිධ අරමුණු වලට අපි යට වෙන්නෙත් නැහැ මොකද මහජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ මේ වගේ චන්ඩි බය කරද්දි මාධ්‍ය ආයතන අපි වර්ජනය කරද්දි කොළඹ දිස්ත්‍රික්කයේ දෙවනියට ඇවිල්ලා ජයග්‍රහණය කරලා තියෙන්නේ මම අද ඒ ගොල්ලෝ මෙතන තියාගෙන කියන්නේ ඊලග ඡන්දයේදීත් මම දිනනවා නොදා ඉන්න ප්‍රශ්නයක් නැහැ ඒක ඔයගොල්ලන්ගේ භාවිතාව හැබැයි ඕගොල්ලොන්ට කෙල උනාම අපි එනවා බේරගන්න.

ඔබ තුමන්ලාගේ පක්ෂයේ මතය මේ මොහොතේ පිළිතුරු පත්‍ර බැලිය යුතුයි කියලද?

මෙහි දෙපැත්තෙම ප්‍රශ්නයක් තියෙනවා දරුවන් ගණනාවක ගේ අනාගතය බිල්ලට යනවා වෙනත් රටවල් වල විශ්ව විද්‍යාලයෙන් පිට වෙනකොට උපාධිය අරගෙන අවුරුදු 22 කින් ඔවුන් යනවා දැන් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රමාදය කුත් තියෙනවා ඒ වගේ වෙලාවක උසස් පෙළ විභාගය කොහොමත් පරක්කු වෙලා තියෙනවා තවත් පරක්කු කරන මේ රටේ අනාගත තරුණ සම්පත කාලය නාස්ති කරන එක පාඩුවක් අපරාධයක් ඒ වගේම විශ්වවිද්‍යාලය වෘත්තිකයෝ ඉගෙන ගත්ත මිනිස්සු මේ මිනිස්සුන්ට හෙන ගහනවා වගේ බදු ගහලා ගත්තු ණය ඔක්කොම ඉවර කරලා රුපියල් හත් අට දාහක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ .

ආණ්ඩුව පසුගිය දා කොහෙන්ද දන්නෑ සල්ලි ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාව ලොකු අවුරුදු උත්සවයක් තිබුණා කෝටි ගානක් වියදම් කරලා ජනරජය පෙරහැරට වියදම් කරා කවුද පෙරහැර ඉල්ලුවේ එංගලන්ත මහ රජ්ජුරුවන්ට පෙන්නන්න කළු හමුදාව දාගෙන මිලියන ගානක් වියදම් කරලා බංකොලොත් රටක නිදහස් උත්සවයක් සමරුවා ඒවට සල්ලි තියෙනවා මහාචාර්යවරුන්ට උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ගාන වැඩි කරන්න සල්ලි නැහැ ඒක තමයි කියන්නේ එහෙනම් ආණ්ඩුවක් කියලා කයිය නම් තියෙනවා ඒ නිසා ඔවුන්ට බදු ගහලා ආදායම නැති කරලා ජීවත් වෙන මාර්ගය අහුරලා තර්ජනය කරලා ගෙන්නන්න බැහැ සාකච්ඡාවෙන් විසඳන්න දැන් විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරා කියලා කවුරුත් විරුද්ධ වෙනවා ද ජනතාව විරුද්ධ වෙන්නෙත් නැහැ අපි විරුද්ධ වෙන්නෙත් නැහැ ඕන මේ රටේ ඉන්න වෘත්තිකයෝ මොකද අපි දන්නවා මේ ගෙවිච්ච අවුරුදු දෙකක කාලය තුළ මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ එකතු වෙලා ඇවිත් රටට කෙලවපු විදියත් එක්ක රටේ ඉගෙන ගත්ත මිනිස්සු විශාල ප්‍රමාණයක් රට අතහැරල ගිහින් බුද්ධි ගලනයක් වෙලා තියෙන්නෙ එහිදී ඉන්න බුද්ධිමතුන් ආරක්ෂා කරගැනීම මේ රටේ පාලකයන්ගේ වගකීමක්.

පුවත් පතක සඳහන් වෙනවා මහින්ද මහත්තයා මැයි මාසයේ අගමැති වෙනවා කියලා?

තිරය පිටුපස එහෙම ජවනිකාවක් යනවා මොකද අප්‍රේල් 22 ග්‍රහ මාරුවක් තිබිලා තියෙනවා ඒකෙන් මහින්ද මහත්තයාගේ ග්‍රහය හොඳයිලු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ග්‍රහයා අපලයිළු ඒ නිසා මහින්ද මහත්තයා 50% ක් ග්‍රහචාර විශ්වාස කරලා 50%ක් දේශපාලනය විශ්වාස කරලා පොඩි ගේමක් ගහනවා. ඒකෙන් එක දෙයයි මට පේන්නේ අමුවෙන්ම කියනවා නම් ඔහොම ගිහිල්ලා දවසින් දවස මහින්ද මහත්තයට 50ක් විතර සෙට් වෙනවා ඒගොල්ලො කතාව හදනවා මහින්ද මහත්තයට ගෞරවාන්විත විශ්‍රාම යාමක් දෙන්න ඕන ඒ නිසා අගමැතිකම දෙන්න කියලා දිනේෂ් ගුණවර්ධන ලොක්කා ඉන්නේ බයෙන් ගැහි ගැහි කොයි වෙලේ මේකට කෙල වෙයිද කියලා අවසානයේ වෙන්නේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙලා මහජන ඡන්දයක් එන එක.

දැන් පොහොට්ටු පක්ෂයේ සභාපති විදියට ස්වාමීන් වහන්සේ නමක් පත්කරගන්න යෝජනා කරනවා.

සුදුසුම තීරණය අරගෙන තියෙනවා මොකද ජාතිවාදී පක්ෂයකට මේ රටේ ජාතිවාදය ඇතිකරලා නයි පෙන්නලා පැණි පෙන්නලා ජාතිවාදය මවපු කට්ටිය සුදුසුම වැඩක් කරගෙන තියෙනවා ඒක රටට ඔබින ද නැද්ද කියන එක තවම තේරුම් ගන්න බැහැ. මම දැක්කා නාමල් කාරයා ඊයේ පෙරේදා කියලා තියෙනවා අරගලයක් ආවා තමයි අපට චෝදනා ආවා තමයි අපි බයේ හැඟුනේ නැහැ කියලා මතක නැතුව ඇති මහින්ද මහත්තයා ගිහිල්ලා ත්‍රිකුණාමලයෙ නේවි කැම්ප් එකේ හැංගිලා හිටියේ. මන්ත්‍රී ගොල්ලො ඔක්කොම හිටියේ යාලුවන්ගෙ ගෙවල් වලයි හෝටල් වලයි දැන් එයාලට අමතක වෙලා තියෙනවා. මොකද රැස්වීමට ගියාම කොහොමත් ඕන පක්ෂයකට පොඩි කණ්ඩායමක් ඉන්නවා .ඒ හත්අටක් ඇවිල්ලා සෙල්ෆි ගැහුවම එයා චූන් වෙලා හිතනවා ඊළඟ විපක්ෂ නායක කියලා.

SendShareShare
Previous Post

ආගමන විගමන වැරදිවලට ඩයනාව අත්අඩංගුවට ගැනීමට CIDයට නීතියෙන් බලය තියෙනවා! ඒ නිසා නියෝගයක් නිකුත් කරන්න ඕන නෑ! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්!

Next Post

සාගල හදිසියේම කතරගම යයි! ටවුන් එක හදන්න ඕන විදිහ ගැන උපදෙස් දෙයි! PHOTOS

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.