• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබ්‍රි සිංගප්පූරුවේ සංචාරය කරයි! නීතිමය සහයෝගීතාව පුළුල් කරගනී! ඒත් අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක්වත් කතා කරලා නෑ! (PHOTO)

February 25, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
සබ්‍රි සිංගප්පූරුවේ සංචාරය කරයි! නීතිමය සහයෝගීතාව පුළුල් කරගනී! ඒත් අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක්වත් කතා කරලා නෑ! (PHOTO)
Share on WhatsAppShare on Facebook

අධිකරණ අමාත්‍ය අලිි සබ්‍රි මහතා මීට සති කිහිපයකට පෙර සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව එරට සංචාරයක නිරතව ඇත.

මෙහිදී දෙරට අතර නීතිමය සහයෝගීතාව ඉහ නංවා ගැනීමට සාකච්ජා රැසක් පවත්වා ඇති නමුත් දැනට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු මහබැංකු අධිපකි අර්ජුන් මහේ්ද්‍රන් මහතා ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් පවත්වා නොතිබීම විශේෂ සිදුවීමකි.

වත්මන් ආණ්ඩුව බලයට ඒමට ප්‍රථම මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව ප්‍රබල කතිකාවක් මතුකළ අතර එහිදී ඔවුන් කියා සිටියේ වහාම අර්ජුජු මහේන්ද්‍රන් මහතා ලංකාවට රැගෙන විත් සිර දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවකි.

පහත දැක්වෙන්නේ සබ්‍රි මහතාගේ සිංගප්පූරු සංචාරය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයය.

සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 පෙබරවාරි 13 – 17 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ ඉහළ පෙළේ නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, නායකත්වය ලබා දුන්නේ ය.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මැතිතුමා හමු වූ අතර, එහිදී නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවත්නා සහයෝගීතාව පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්වී ය.

මෙම සංචාරය සඳහා යොමු කළ ඇරයුම සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සඳහා පිරිනැමූ ආගන්තුක සත්කාර වෙනුවෙන් අමාත්‍ය අලි සබ්රි මැතිතුමා කේ.ෂන්මුගම් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේ ය.

මෙහිදී අපරාධ සංග්‍රහය, ආගමික සංහිඳියා පනත, සිංගප්පූරුවේ අභ්‍යන්තර ආරක්‍ෂක පනත ඇතුළු වැදගත් නීති කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද මෑත කාලීන සංශෝධන සහ සිංගප්පූරු රජය ක්‍රියාත්මක කළ නවතම අපරාධ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කෙටි විස්තර සපයන ලදී. නීති සම්පාදනය සහ සංශෝධනවල ක්‍රියාකාරී අංශවලින් උගත් පාඩම්, දෙපාර්ශ්වයේ ම සාකච්ඡාවට බඳුන් විය.

සිංගප්පූරුවේ ජාතික ආරක්‍ෂාව සහ සමාජ සහජීවනය හා සබැඳි නීති සම්පාදනය කිරීම තුළින් සිංගප්පූරුව උගත් පාඩම්වලින් ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ නෛතික සන්දර්භය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමේ හැකියාව සොයා බැලීමටත්, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා වෙබිනාර් සාකච්ඡා මාලාවක් පැවැත්වීමටත් අමාත්‍යවරු දෙදෙනා මෙහිදී සිය එකඟත්වය පළ කළහ.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී, එනම් පෙබරවාරි 14 වැනි දින, ආගමික පුනරුත්ථාපන කණ්ඩායම (RRG) හා සම්පත් සහ උපදේශන මධ්‍යස්ථානය (RCC) වෙත පැමිණියේ ය. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය සහ සහකාර මහාචාර්ය මුහම්මද් ෆයිෂාල් ඊබ්‍රාහිම් මැතිතුමා සහ ආගමික පුනරුත්ථාපන කණ්ඩායමේ (RRG) ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී පුනරුත්ථාපනය පිළිබඳ නිශ්චිත අවධාරණයක් යොමු කරමින් ආගමික අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු ප්‍රවේශය පිළිබඳව පැහැදිලි කළහ.

සිංගප්පූරුවේ අධිකරණ ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලිය පිළිබඳව සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතථ්‍ය අයුරින් පවත්වන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහනකට ද ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සහභාගී විය. ශ්‍රී ලංකාවේ අධිකරණ නව්‍යකරණය සහ ස්වයංක්‍රීය කිරීම උදෙසා ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමය පිළිබඳව සඳහන් කළ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, සිංගප්පූරුවේ ක්‍රියාත්මක කරන ලද ක්‍රමය ශ්‍රී ලංකාව සඳහා වටිනා සිද්ධි අධ්‍යයනයක් වනු ඇතැයි ප්‍රකාශ කළේ ය. සිංගප්පූරුවේ අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතිය පිළිබඳ වෙබිනාර් සාකච්ඡා මාලාවක් ශ්‍රී ලාංකික නිලධාරීන් සඳහා පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළ විය.

තවද, අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 15 වැනි දින සිංගප්පූරුවේ මැක්ස්වෙල් ශාලාව තුළ සංචාරයක නිරත විය. සිංගප්පූරුවේ නීති තාක්ෂණ ක්ෂේත්‍රය, ආරවුල් විසඳීම සම්බන්ධයෙන් සිංගප්පූරුව තුළ පවත්නා වාතාවරණය, සිංගප්පූරුවේ ජාත්‍යන්තර සමථ මධ්‍යස්ථානය, සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණය පිළිබඳ විස්තර කිරීම් කිහිපයක් මෙම මැක්ස්වෙල් ශාලාවේ දී පවත්වන ලදී.

සිංගප්පූරුවේ ඉස්ලාමීය ප්‍රජාව අඛණ්ඩව විකාශනයට බඳුන් වන රැඩිකල්කරණයේ තර්ජනවලින් ආරක්ෂා කරගැනීම සඳහා ඉවහල් වන මජ්ලිස් උගාමා ඉස්ලාම් සිංහපුර (MUIS) හෙවත් සිංගප්පූරුවේ ඉස්ලාමීය ආගමික කවුන්සිලයේ කාර්යභාරය, ඉස්ලාම් ධර්මය සහ අන්තර් ආගමික සබඳතා යනාදිය අරමුණු කරගනිමින්, සංහිඳියා මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් කෙටි සාකච්ඡාවක් සහ එම මධ්‍යස්ථානය තුළ සංචාරයක් ද පවත්වන ලදී. සිංගප්පූරු ජනතාවගේ මුස්ලිම් අනන්‍යතාවය ගොඩනැගීම සඳහා ප්‍රජාව සමඟ කටයුතු කිරීම තමන් අනුගමනය කරන ප්‍රවේශය බව MUIS නායකත්වය මෙහිදී පැහැදිලි කළේ ය. සිංගප්පූරුවේ ජාතික සන්දර්භය තුළ ආගමික ජීවන රටාව හැඩගස්වා ගැනීමට ඔවුන් ප්‍රමුඛත්වය ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

අමාත්‍යවරයා සිංගප්පූරුවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (ISD) උරුම මධ්‍යස්ථානය, සංහිඳියාවේ විවිධත්වය නමැති චිත්‍රාගාරය සහ අන්තර් ආගමික සංවිධානය (IRO) තුළ සංචාරයක නිරත වූ අතර, සිංගප්පූරු සිවිල් සමාජයේ ප්‍රමුඛ සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ අන්තර් ක්‍රියා පැවැත්වී ය.

අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා, ශ්‍රී ලංකාවේ සමස්ථ නීති/අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණය කිරීම පැවරී ඇති අධිකරණ අමාත්‍යංශයේ අනු කමිටු ප්‍රධානී ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා සහ අධිකරණ අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යංශයේ ප්‍රතිසංස්කරණ ප්‍රධානී සහ සම්බන්ධීකරණ ලේකම් ෂමීර් සවාහිර් මහතා ඇතුළත් විය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන මැතිනිය, පළමු ලේකම් නඳුනි ගෝවින්නගේ මහත්මිය සහ පළමු ලේකම් මධුසංක ජයසිංහ මහතා, අධිකරණ අමාත්‍යවරයා සමඟ මෙම ඉහළ පෙළේ සාකච්ඡා සහ සංචාර සඳහා සහභාගී වූහ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යංශයේ සහ විදේශ‍ අමාත්‍යංශයේ සහය ඇතිව, මෙම සංචාරයේ කටයුතු සම්බන්ධීකරණය කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2022 පෙබරවාරි 24 වැනි දින

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

Next Post

යුද්ධය නවත්වපන්! පුටින්ට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ පාරට බහී!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.