• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න! මට ඇතිවුණ මානසික අවුල නිසයි මම දිවි නසා ගන්නේ’! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා! I Sri Lanka Latest News

May 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න! මට ඇතිවුණ මානසික අවුල නිසයි මම දිවි නසා ගන්නේ’! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘‘මගේ පුතාට වද දීලා යට කලිසමත් ගැලෙව්වලු. බිත්තියේ ඔළුව වැද්දෙව්වලු. මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇන්නාලු. ඊට පස්සේ කබඩ් එකක් ඇතුළට තල්ලු කරලා. ගෙදර ආවට පස්සේ අම්මට මුහුණ දුන්නේ නැහැ. මගේ දරුවා ඒ පීඩනය මා එක්ක කිව්වා. ආයෙත් මේ වගේ දුකක් වෙන දරුවෙකුට වෙන්න දෙන්න එපා”යැයි නවක වද සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් බව කියන සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ චංක චරිත් දිල්ෂාන් දයාරත්න (23) ශිෂ්‍යයාගේ මව වන ඉරෝෂිකා දුලානි මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.Sri Lanka Latest News

සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉකුත් 27වැනිදා පැවැති අවුරුදු උත්සවයකින් පසු ඊට පසු දින එනම් 28 වැනිදා මේ සිසුවා ඔහුගේ ගම්පොළ පිහිටි නිවෙසට ගොස් තිබූ බව ඔහුගේ ඥාතීහු පවසති. එලෙස පැමිණි චරිත් දිල්ෂාන් සිය නිවෙසේ පිටුපස ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා විය. මේ අවුරුදු උත්සවයේදී චරිත් දිල්ෂාන්ට දරාගත නොහැකි ලෙස නවකවදය දීම හේතුවෙන් ඔහු සිත් තැවුලට පත්ව දිවි නසාගෙන ඇතැයි ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

‘අම්මේ තාත්තේ මට සමාවෙන්න. මල්ලිව හොඳින් බලා ගන්න. මට ඇතිවුණ මානසික අවුල නිසයි මම දිවි නසා ගන්නේ” යැයි ලිපියක් ලියා තබා චරිත් දිල්ෂාන් ගෙල වැලලාගෙන ඇති බව ඔහුගේ ඥාතීහු පැවසූහ. සිය පුතුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මව වන ඉරෝෂිකා මහත්මිය මෙසේ ද පැවසුවේ හැඬූ කඳුළිනි.

‘‘මගේ දරුවාට කිසිම මානසික ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ වගේ දෙයකට කිසිම දවසක බෙහෙත් අරගෙනත් නෑ. මේ විශ්වවිද්‍යාලයේ ඉන්න ජ්‍යෙෂ්ඨ සිසුන්යැයි කියාගත් ශිෂ්‍යයෝ අමානුෂික නවක වදය දීලා මගේ දරුවාගෙ මනස විකල් කළා. ඒකෙන් මගේ දරුවා මිය ගියා. අපි වගේම තවත් නවක වදයට ලක්වුණු විශ්වවිද්‍යාල දරුවනුත් පොලීසි දෙකකට පැමිණිලි කළා. ජනාධිපතිගෙන් අපි ඉල්ලන්නේ දැන්වත් සියලු විශ්වවිද්‍යාලවලින් මේ අමානුෂික නවකවදය අයින් කර දෙන්න කියලයි.”

චරිත් දිල්ෂාන්ගේ පියා වන රුවන් දයාරත්න මහතා ද හැඬූ කඳුළින් අප සමඟ මෙසේ කීවේය.

‘‘පසුගිය අවුරුදු දෙක පුරාවටම මගේ පුතාට සීනියර් බැජ් එකේ ඉන්න අය නවකවදය දීලා තියෙනවා. මගේ පුතා මට නැතිවුණා. අදාළ බලධාරීන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට තේරී පත්වන ළමයින්ට මේ වගේ නවක වදයක් දීලා දරුවන් අපහසුතාවලට පත්වෙන්න නොදී නිසි පියවර ගන්න කියලා. මේ වගේ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.”

තම දරුවාගේ මරණය විශ්වවිද්‍යාලයේ කළ අමානුෂික නවක වදය දරාගැනීමට නොහැකිව සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවත් ඒ හේතුවෙන් පරීක්ෂණයක් කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙසත් ඉල්ලා මරණයට පත් සිසුවාගේ පියා ගම්පොළ පුස්සැල්ලාව පොලීසියට ඊයේ (01) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි 23 හැවිරිදි මේ සිසුවා විශ්වවිද්‍යාලයේ සිට හදිසියේම නි‍ෙවසට පැමිණ කාටත් හොර රහසේ නි‍ෙවස පිටුපසදී ගෙල වැලලාගෙන මියගොස් තිබූ බවට වාර්තා වෙයි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහළු දරුවා වන චරිත් දිල්ෂාන් තමන් මුහුණ දුන් නවක වද අත්දැකීම ඔහුගේ පුංචි අම්මා වන හර්ෂණී තරංගා මහත්මියට පවසා තිබූ බව ඈ අප සමඟ කීවාය.

‘‘අනේ මගේ දරුවා කිව්වා එයාට දුන්න වදය ගැන. අනේ එහෙම තවත් දරුවකුට නම් වෙන්න දෙන්න එපා.”

චරිත් දිල්ෂාන්ගේ විශ්වවිද්‍යාල මිතුරන් සිය මිතුරාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර, විශ්වවිද්‍යාලයේදී සිදු වූ නවක වද සිද්ධිය ගැන මව්පියන්ට හා ඥාතීන්ට යම් යම් හෙළිකිරීම් කර ඇති බවත් එහිදී තම මිතුරාට ඒවා දරාගැනීමට නොහැකිව සිටි බවත් ඔවුන් පවසා ඇති බවට වාර්තා වෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුන් අප වෙත පැවසුවේ සමනලවැව පොලීසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි.

“අපට අවුරුද්ද පුරාම නවක වදය දුන්නා. දෙවන අවුරුද්දෙත් රැග් එක දුන්නේ බකට් කිරීම ඉවර නැති නිසා. අපට කොට කලිසම් අඳින්න තහනම් කර තිබුණේ. එහෙම වුණොත් දැඩි දඬුවමක් දෙනවා කියලා තිබුණා.”

චරිත් දිල්ෂාන් ශිෂ්‍ය්‍යා මෙවර අලුත් අවුරුද්දට නි‍ෙවසට පැමිණ යළි 26 වැනි දින විශ්වවිද්‍යාලයට ගොස් ඇත්තේ 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පවත්වන අවුරුදු උත්සවය සඳහා බවට ඔහුගේ ඥාතීහු පැවසූහ. 26 වැනිදා සවස විශ්වවිද්‍යාලයට ගිය චරිත් කොට කලිසමක් හැඳ නාන කාමරයට යනවා දුටු ජ්‍යෙෂ්ඨ සිසුන් රාත්‍රියේදී ඔවුන්ගේ නේවාසිකාගාරයට චරිත්ව කැඳවාගෙන ගොස් නවක වදය දීම ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. චරිත්ගේ මිතුරන් පවසන පරිදි තට්ටු තුනක් වූ ගොඩනැඟිල්ලේ පඩිපෙළ මත ඉහළට පහළට හාවන් පන්නනවා ලෙස නවකවදය දී පසුව තවත් එක් අමානුෂික වදයක් දී ඇතැයි පැවසේ.

ඉන්පසු කාමරයට ගෙන පහරදී ඇඳුම් ගලවා හැඩි දැඩි සිසුවකු විසින් චරිත උස්සා කබඩ් එකක් මතට විසි කර ඇති අතර, පසුව හිස බිත්තියට තබා තද කර කන්වලින් ඇද ඇතැයි ද වාර්තා වෙයි.

මේ ආකාරයට චරිත් ඇතුළු සිසු කණ්ඩායමට අලුයම වනතුරු වද දුන් බව චරිත්ගේ මිතුරෝ පවසති. 28 වැනි දින නි‍ෙවසට හදිසියේම පැමිණි චරිත් කිසිවකුත් සමඟ කතා නොකර කාමරයට වී සිට ඇති අතර මව පියාට එම වෙනස දැනුණු බව ඔහුහු පවසති. 29 වැනි දින සවස වත්තේ කිතුලක් මැදීමට ගිය ඔවුන්ගේ ඥාතියකු මේ නිවසට පිටුපසින් යාමයේදී කිසිවකු අගුපිළ පැත්තේ හිටගෙන සිටින අයුරු දැක තිබේ. ඔහු කිතුල් මල කපා එන විටත් එහි සිටින මේ පුද්ගලයා කවුද බැලීමේදී චරිත් ගෙල වැලලාගෙන සිටින අයුරු දැක සියල්ලන් එකතු වී ඔහු රෝහලට රැගෙන ගියද එහිදී ඔහු මිය ගොස් ඇති බව තහවුරු කරගෙන තිබේ.

මෙහිදී හදිසි මරණ පරීක්ෂණය ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ.මැදිවක මහතා විසින් පැවැත්වූ අතර එහිදී චරිත් විසින් ලියන ලද ලිපියක් ද ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි.

චරිත් විසින් එම ලිපියේ සඳහන් කර ඇත්තේ තමා මානසික ව්‍යාධියකට ලක්වීම නිසා සියදිවි නසා ගන්නා බවයි.එසේම තමුන්ගේ කුඩා මල්ලි හොඳින් බලාගන්නා ලෙසත් අම්මා තාත්තාගෙන් සමාව ඉල්ලන බවත් සඳහන් කර තිබේ.

මේ සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අමිල ද මෙල් මහතා සඳහන් කර ඇත්තේ මෙය ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවයි.

දිනමිණ

SendShareShare
Previous Post

මාලිමාවෙන් කියපු පච 5ක් පුළුවන් නම් කියන්න! සජබෙ චිත්‍රාල්ට සිරසෙන් අභියෝගයක්! එහෙනම් මෙන්න අහගන්න -චිත්‍රාල්! හා.. හා.. වීඩියෝ මෙතන දාන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

සබරගමු සිසුවා සියදිවි නසා ගත් හේතුව හොයන්න මහාචාර්යවරුන් තුන්දෙනකුට බාර දෙයි! පොලිසියත් පරීක්ෂණ අරඹයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.