දියත උයන අසල පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බව පොලිසිය පවසයි. වාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඔවුහු රියදුරන්ගෙන් ඉල්ලා සිටිති. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය අද (17) කැඳවීමට නියමිතයි. මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වීමටද නියමිතව ඇත.